මනස්කාන්ත ය පුදුමය

111

මම දකිමි නුඹව
සිහිනයක සැරිසරන කල
අන්ධකාරයේ මා දැල්වූ පහන
නුඹ ජීවයට හුස්ම පුරන විට
හිතින් දැකුමද ඒ බව 
මනස්කාන්ත ය පුදුමය.

 

එපා හීනය බොඳව යන්නට
ඔබේ දෑසින් මම දකිනා
එළිලයි ඔබ ජීවය
පාරාදීසයට යන මා මඟ
ඉඩ දෙන්න ජීවය පුදන්නට
නුඹේ ජීවිත
  උදෙසාම

මනස්කාන්ත ය පුදුමය.

 

ජීවිතයට කමටහන් දුන්
ඔබේ ආලය
ඔබේ මුවින් පිටවූ වදනින්
මැවූ ඒ ලොව
සංස්පර්ශ කරවයි මා අනන්තයට ම

මනස්කාන්ත ය පුදුමය.

 

පොරොත්තුව ද ඔබය
ජීවය ද ඔබය
හදවත සිලෝ ගී ගයත්දී
කිසිදා නිම නොවෙන මේ ලොව
දකින්න ඉඩ දෙන්න
ඔබේ ඇසින්

මා සැමදා පෙම් කල

මනස්කාන්ත වූ පුදුම වූ…

 

(අ)සරණ

alone

හද රැඳුන හිත බැඳුන අත රැඳුන ස්වර බැඳුම
මුව කැලුම නෙත් බැලුම නතර වුන තැන ම කිම
නුඹ ගැනම හිත දවන රුව තවන දේ ගැනම
කෙසේ නම් අසන්නද ඔබ මගේ බව දැනම

ඔබ ගැනා ලෝදනා පුවතිනා විමසනා
කුමක පවසැයි කියා අස පොලෝ ගැටලනා
එනමුදුනි හිමිසඳුනි ඔබ කොහෙද නොම දැනා
ඔබ ගැනම කාගෙන්ද කොතැනින්ද විමසනා

අසරණා මාසිතට ඔබයි හිමිසඳු වුනේ
විමසනා අයට මා ඔබ ගුණම ගයමිනේ
දරමිනා විවිධ මත රට්ටුබස් අසමිනේ
කලමණා දේ කිමද කියන් මට දෙවියනේ

අභිසාරිකාශ්‍රමයක…,

dance

කරන්න ට කතාවක්
දකින්න ට වතාවක්
අසන්න ට ගීතයක්
දෙනවාද වෙලාවක්


වැසුණු අඩවන් නෙතින්
දකින්නට රිසි ලෝකයක්
මධුවිතකට ම හාමු කරවූ
අනඟ නර්ථන පුංජයක්



අඳුරේ දැල්වෙන අග්නි දල්ලක්
ලෙසින් රඟනා සුරූපිණියක්
තමන් සතු කර ගන්න ලොභවත්
පුදති රන්මසු කුවෙර කුමරෙක්



තැනෙක හිජ්රා නැටුම් කරවත්
කවති සනසති කුළිනෙක්
අපට උරුමැති හිජ්රා පහසයැ
කියත් තව එක් තැනෙක ගැමියෙක්

දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී

38

පාත ඉඳන් සැනසෙන්නට වරම් නැතී
ඉහළ බැලූ සඳ හිසට ම කඩා පනී
මම සෙනවියා ඔබ කුමරිය ලොව දෙකකී
දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී


මාළිගාව පැල්පත යැයි වෙනස් නැතී
පෙම්වත් බව කියාලන්න වරම් නැතී
ගේට්ටුවයි සඳලුතලෙයි තැන් දෙකකී
මේ පැති එක්තැන් කරනුයේ කෙලෙස සකී


පිවිතුරු බවෙ උරුමය නුඹ එය දනිමී
රන් මිණි මුතුහර හා කෙළිලමින් සිටී
කලු කමිසෙට පිත්තල බොත්තම් ඇමිණී
මගේ ලොවේ කිරුළන්න ට නොහැකි මිණී


නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී
මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී
ආදරලොව පෙම් මල්දම් ගොතනු වැනී
සදාකලට නොලැබෙන පෙම් සුව විඳිමී

බලු පොරය තුල අපව කොයිබට...?

123


පුරවර සදිසි මහ මාළිගා හිස්
මුදුන් සිප ගත් රූප ඡායා
සිටුවලයි අප රවට ලන්න ට
කරවා අප හසු දැල ට මායා


මුසා බසකට නොවී රැවටිළි
නුවණ මෙහෙයා දෙවත් ඡන්දය
රට ට වැඩ ඇති නියම පුතෙකුන්
කරව් වැසියනි ලකෙහි නිරිඳුන්


නියම ලක් මව වැදූ පුතු ලෙස
රට ට පෙමැතිව සිතත් නම් තොප
නොකරවා පත් අමන නිරිඳෙකු
කරව් නිසි දේ නොවී අන්ලස


පෙරලෙස ම තැනුවොතින් අවීචිය
පෙරලෙස ම කෙරුවොතින් බිලිපුද
නවත්වන්නේ කෙලෙස අප සැම
බියෙන් සැඟවී සිටිනවා මිස


බිත්ති වැසිගත් උමතු හසරැල්
දෑත් එක්කර කරන නමැඳුම්
වේය අවසන් පසුව වරණෙන්
අප ය ඉන්පසු උන ගේ වහලුන්

හාදුවට ඉඩ දෙන්න



ඉඩ දෙන්න හාදුවට
දෙතොල් මත සැතපෙන්න
ආදරේ බිඳක් වත්
මොහොතකට තැවරෙන්න

කියන්න ට ඇතත් දේ
කෙසේ කියමිද මෙලෙස
දරන්න ට බෑ බැල්ම
පොපියවයි මා දෙතොල

අවට ලොව බොඳවිය
අප ම පමණක් විය
තොල් එකට යාවිය
මැදට තිරයක් විය

(image courtesy W3Lanka )





පාරමිතාව



අත් උස්සා හිස් අහසට
සිනහා වෙන දෙස බලන්න
ලොව දකින්න සතුටු වෙන්න
හදට හදක් මට කොයින්ද

පෙර කල වරදට දුක්වෙන
හතරට පැලි මා තුන් හිත
සනසවන්න සතපවන්න
වළලු අතක් දැන් කොයින්ද

හිත අද්දර ඇන තියාන
කාංසියට පැල් රකින්න
පිං කරනෙමි මං මතුවට
මට නැතිවූ ඈ ලැබෙන්න


ආදරවන්තී | දිව්‍ය කුමාරී



හදවතට
හිත මිටිකරන්
සැතපෙන්න
මා ළඟ සුවෙන්
ආදරවන්තී, දිව්‍ය කුමාරී

හිත
බස් රියේ නැගි ගමන්
හොයනව
හද කොහේ කියා මං
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී

කොතරම් කියා
මා දෙඩෙව්වත්
හිත ඔබ නැතිව හරි තනිකමින්
යළි නොමඑන්නී ආදරවන්තී

හිත දෙන්න
ඔබ තැබු තැනින්
තනිවෙන්න
මට දැං හිතින්
ඔබ ළඟ නෑනේ දිව්‍ය කුමාරී

එදා ලියූ කවි අද...?



[මේ අපෙ හිතවත් කතන්දරකාරයා පෙම් කවි ලියූ අයුර ගැන කියවමින් හිටි වේලාවේ හිතට කාන්දු වුණු පද පෙළකි.]

ලියන්න ඇති
කවි ටොන් ගානක්
දකින්න ඇති
හීන විමානයක්

ඒත් අද...,

මම කවි ලියූ
බාලිකාවියන්
ඇරෙන්න
ඒ කවි
ටීනේජර් අකුරෙන්
ලියපු
පරණ
පොත් ටික
විතරක් තාම
මා ලඟ


මව්වත් දුක


වයර දෙක
බැටරියට එක්කර
බල්බය තැබූ සැනින්
ආලෝකමත් විය
මා පුතු
මුව

අම්මේ මේ
යැයි පවසමින්
මා මට පෙන්වන්න ට
තනන්නී
වාරු නැති
අත් පා ළපටි
සලමින්

නැගිණ කඳුලක්
නෙතට
මා පුතු මේ
තනන්නේ
ඕ අනාගතය
නේදැයි
කියා

මට
එළි කරන්න ට
නො හැකිවුණු

ඉක්බිති ඌ ඈ හා සරණ ගියා ය.

love-ubuntu-600-300x300

සප්තක හා  සරණ ගොස්
හති වැටිණ
අවසන මා
පෙම් කල කුමරී
කියාගන්නට බැරි තනිකම
හා ඈ පොර බදන විට මා
සිටිනු කෙසේ
එකත්පසව

නවමු වූ හත
නිසා
7තේ හත වැදී උන්
මට
දිව වතුරක්
වූ
කො[අ]ලාවෙනී...,

මා කුමරී හා
චිරාත් කලක්
සරණ යනු
මැන..!

ඈවරයි දෑවරයි තුන් ඈවරයි




ලී මිටියෙන්
මේසේට තලනකොට
ලේරහ උගුරක් එක්ක
ජීවිතේ තව තවත්
ඔද්දල් වෙනවා
මයේ
දෑහැ ඉස්සරහා ම
මගේ අණින්
මයේ දරුවගේ
දේපළ
වෙනවුන්
කේවල් කරන කොට


සතිය

Safety Month - low res

මා පසුකර
මටත් හොරා
ඇඟිළි අස්සෙන්
රූරා යන,
කරන්න ට අපමණ වැඩ
තිබුනත්
ක්‍රියාවට විරුද්ධව
හඬ නගන,
ඒ ද මැසිවිල්ලෙන්
යටපත්වන,

හතරක් ගිය තැන
පඩි පැකට්ටුව නිසා
මතකය ට එන,
ඒ මදි වීම නිසා
අනාගතයට වෛර බඳින,
ආයිත් පෑ එකසිය හැට අටකට
පසු උදාවෙන
සත් දින කලස...!

තනිවුණු හබල

bost n paddle

නිමිත්ත: අමරසිරි පීරිස් මහතාගේ කවුරුවත් නෑ ගීතය අසමින් සිටි සැඳෑවක හිතට කාන්දු වුණු පද පෙළකි...!
ගීතය භාගත කර ගැනීමට මෙතැන ඔබන්න.

සදාකාලික නිවාඩුව
කකුල් දෙක
අද්දර ට එත්දී
මට ඉහලින්
ඇවිදියි
අලුතින් හැදුනු පාළම

ඇඟිළි වෙව්ලුවත්
වීරිය බිංදු
නොවේලුණු හිත
හබල ගන්නමයි
පෙරැත්ත

කොල්ලෑවට එන
ජල කඳ
මට්ටු කර ගන්න බැරි මට
හබලට එන
වතුර
හේබාන්නේ
කොහොමද
?

[ගෑණු] පිරිමි කම

z191075378

මේ...!
ඇයි...?
මොකෝ අපි එක්ක කතා නැත්තේ..? අපි කලුද..?
නෑ..! අලු පාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලා නෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
අනේ "හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදිය ගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළ කිරීම් රොත්තක් එක්ක වෛරයක් එනව නෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන් වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදිය ගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්න නෙව..!
බොරුකාරයා.!
වේසි..!
වේසි..? තොනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වේසි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
හා....!!!
ඔන්න පැන්න..! දැං කියහං කවුද වේස කං කොලේ..? තෝද ..? මම ද..?

පාපය [ Sin ]

lip

ආසාවට
කොල්ලෙක්
අල්ල ගන්න
බැරි වුණ
පාපෙට
ඇදවුනු තොළ
තාම
එහෙමමයි
අවුරුදු
තිහක් තිස්සේ
මම

 

තනියම

පළිගැනීම

razor

නිමිත්ත: අතීතයේ සා/පෙළ අසමත් කළවරදට කරණවෑමියා පාසල් ගුරුතුමා මරයි.-පුවතක්

උසස් පෙළ ට
අසමත්
කළ
වරදට
කරගල ගාන
බාබරයෙකු
වුණ
කරුමෙට
ගන්න
පළිය
ගුරුතුමනි
උඹේ

බෙල්ල

ගහනය

gahanaya copy

පපුව වෙනුවට හදවත දන්දීමේ ප්‍රතිවිපාකය..!

avoid

"නිමිත්ත: ගනුදෙනු කරුවෙක් වෛශ්‍යාවක ට පෙම් කර එය නොලැබුනු සොවින් දිවි තොර කර ගනියි. -පුවතක්..! "

එපා...!
එපා කිව්වොත් එපා ම තමා
මම පස්සෙන් ගිහින්
ඉල්ලුවම
දුන්නේ නෑ...!
මම නැවතුනා ම
මගෙ පස්සෙන්
ඇවිත්
දෙන්න හදනවා

ඕක හදවතක්ද බොල..!

මම ඉල්ලුවේ පපුව
මොකටද දුන්නේ
හදවත..ඈ..?

මෙච්චට කල්
පස්සේ ආවේ
උඹෙන් ඒක ගලව ගන්න
බැරිවුණ නිසයි..!

මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!

මස් බාස්කට්ටුව හා දිව

Minolta DSC

පයිප්පේ වතුරෙන්
මුව තෙමාන
දෙපස බලා
ඉදිරියෙන් ඇති
කෙන්ටකී මස් කඩේ දිහා
ඇස් කොනින් බලන
සඳ..,
රෝද ජෝඩු දෙකකින් විත්
තුන්දාහක් ගෙවා
ගත් මස් බාස්කට්ටුවේ
කෙස් ගහක් තිබූ
වරදට
පයිප්ප වතුරෙන්
තෙමූ
අයා ගත් මුව
ඉදිරියේ ම
අසල වූ කාණුවට
හැලූ හැටි දැක
වතුරෙන් තෙමා ගත් මුවේ
දිවට ලවන
රස දැනිණි..!

කලකදි රස ලූ, කලකදී වහ වෙනවා ලූ...!

රට අසුරයින් ගෙන්  බේරා ගත් විට
රට වැස්සෝ තුටින් රජා හා එක්වී
අත් පොළසන් දුන් හැටි
තාමත් මතක ය..!

මම මගේ මතය ඔවුන් හා කී විට
අතීතය අමතක වී
මහරජා දත් මිටි කෑ හැටි ද
මතක ය.

අවි ගබඩාව අගනුවරට
ගෙනත් දර්ශනය කර වූ හැටි
මතක ඇතත්..,
බලන්න ආ උන්ට

රජා දත් මිටි කෑ හැටි
අමතක ය..

හැම දේම කරත් මට මම
කැමති දේ
කෙසේ කියන්නද මා මනාපය,
උන් අකමැත්ත, පාරාවලල්ලක් ව
මා පසු පස එනවිට..?

SRILANKA-MILITARY/

ඔබ එන තුරු..,

පපුතුරෙහි සඟවා
හිත් උපන් ආලය
පල කලත් පෙම් වදන්
ලියා ගී සිතුවිළි

නෑසූ කන් ව සිටියේ
ඇයි මා හිමිදෙවි
මා ඔබ කෙරෙන්
ඈත්වේ යැයි බියෙන්

ඇඟිළි ගනිමී මා
සුසුම් ලන ආලය
ඔබ වෙනුවෙන්
පමා නැත තවමත්
මා තුරුළට වන්නට

මා ආදරය
ඔබට හැර
වෙන කාට මා
පුදන්න ද..?

waiting

ආදරේට කියන කතා

aadare

සුන්දර මුව පොඩියෙන් ආදරේ
මානෙන් වෙන තැනකට ආදරේ
හැමදා මගේ වෙලා මා ළඟම
ආදරේ උතුරායන මොනවා හරි

සලන්න
නොයන්න
රැඳෙන්න
කියන්න


හැමදා සඳලුතලෙන් ඔබෙ රුවම
පිං තව මට තිබේද නොදනිමී
රහසින් හමුවෙන්නට කතා බහ
තැනකුයි වෙලාවකුයි මට ලියා


දකින්න
කියන්න
කරන්න
එවන්න


මට ඔබ දිහා බලා පාරමී
තව නම් බෑ මට ඔබේ බැල්ම
මේ හදවත මැද ඇති සෙනෙහස
හනිකට එන්න හිතයි ඔබට තුරුළු


පුරන්න
දරා ගන්න
පුබුදන්න
වෙන්න

අමාවකේ මා පුර හඳ...

Moon_girl

තරු කැට අත
මිටි කරගෙන
අමාවකට
කොහේ ගියාද..
මගේ ආදර
සඳ සාවී
කුමුදු කුමාරී

නැතිවට ඒ
පොඩි තරුකැට
උඹ හිටියානම්
තනිවට
අමාවකත්
පුර පෝයක්
මට සඳ සාවී

පායන තුරු
අහසට ඔබ
කලුවරේම
ඉන්නම් මම
ඒ හිත ඔබට ම
පමණයි
මා සඳ දේවී

නැවතත් මා
වෙත වඩින්න
පුංචි කුමාරී
ආයිත් මගේ
අස රැඳෙන්න
මා සඳ සාවී

රෝගය

කොතරම්
සුමටව
බෙහෙත්
කළත්
සුව
නොවන
නිට්ටාවක්
නැති
රෝගයකි
ආදරය

16patient.600 copy

පර්යාය

2007_07_28_Full Moon 023

හඳ
හැමදාම හැමෝටම
එළිය දුන්න ට
අමාවකදා ට..,
හඳ ට
එළිය දෙන්න
කවුරුත් නෑ
හඳ කළුවරේ
තනිවම..,

ඒ හඳ වගේමයි නුඹත්..,
හිනහා වෙවී
හැමදෙනාව ම
සැනසුවත්..,
නුඹ
අඬන දාට
කවුරුත් නෑ
නුඹව
සනසන්න

අඩු ගානේ
මම වත්..!

ස්වප්නය

Moonlit river

වෙසක් මල් පිපි - සිසිල් විල්තෙර
කසුන් හස කැල - ජල කෙලින කල


හද තුලට එන - සිතුම් සුසුම ට
ඉඩනොදී හද - අඬයි ඉකිබිඳ


ලොවෙන් වෙන්වූ - මනෝ රජදන
තුලැති හද - සුරකිම් බලා


ඈත යන - දෙනෙතක් බලාගෙන
හදවතින් බෝ - දුක් වුවා


වළා පෙළතර - මැදින් පැමිනුණු
සොමි කැළුම් - සඳ රැස් ලෙසේ


සතුට උතුරන - දෙනෙත දුටු කල
හද මදක් - සන්සුන් උනේ


නිල් වල්ල ගැබ - තුලිනැවිද ආ
යෞවණිය දුටු - කලක සේ


වේගයෙන් හද - තිබූ ලෙසට ම
නිවී සැනහී - පත් උනේ

අනර්කලියාව

Anarkali Akarsha 1

යොවුන් සේවය ට
පතිත වී අදිටනින්
දකුණ ජය ගනු පිණිස
මහ රජා පැමිණවිය
ඈව මේ පෙරමුණ ට

කුපිත විය
අටෝරාසියක් බලමුළු
අවි අමෝරා ගති
ළාමක නිරුවතක ට
තම නිරුවත් නොදැකි
මේ
නරි රැළ
තබති හූ නොදනිමින්
තම ලජ්ජාව එළියේ බැව්

පොත් අතර හිරවූ ලව...........,


මිදී ඔය අසබඩ සිටීම ට වනපෙත අඬගසයි
නොදැමුණු ටාර්සන් වැනි මගේ හිත හමුවේ
ඇය රතු සෙබළියක ම වූවා ය
කළියුගය කට නිරාවරණය නොවූ ගම්පෙරළිය කට
හසු වූ පසු එය යුගාන්තයක් නොවී තියේද..?
අපේ ආදර කතාව මට තවමත් වස්සාන සිහිනයකි
එහෙත්..,
ඇය වෙනෙකෙකුගේ කූඩු කිරිල්ලියක් ම වූවාය.
මගේ හීන බ්‍රයිඩේ මර්ෆි ගේ අන්තරාභවය තුළ තැනූ
සංසාර මන්දිර මෙන් සුණුවිසුණු විය.
අතීතයේ මා ගිය
අමුතු ඉස්කෝලේ තුල ඇය දඟමල්ලක් ම විය

ඉරහඳ තරු මැද හිතන පතන යන්ත්‍ර වී ඇති
අපට 3001 දී වත් එක්විය හැකිදැයි
සැක පවතී.
එහෙත්..,
මේ රුදුරු බලුව හමුවේ මම
කෙසේ නම්
SS හමුදාවේ සහාය පතන්නද...?

එනමුත්
පංච මහා වාදයට මුහුණ දුන් මට ඔය විලම්භීත හොඳටම හුරුය.

එතෙක්..,
ඇඟිළි ගනින ඇඟිළි තුඩු සමඟින්
මා පෙම්කළ අරාබියේ දියෙණිය එනතුරු
මම.., ජුලියට් එනතුරු හිඳින රෝමියෝ මෙන්
පහසුවෙන් හිඳිමි.

nudebooker

නොකියූ බොරුවට ගෙවූ වන්දිය

Solitude

ඔයා මට ආදරේ ද?
කියලා
ඇය මගෙන් ඇහුවට
ඇගේ මූණ
දිහා බලාගෙන
මට බොරු කියන්න
බැරි උන නිසා

මාව දාල ගියා.

එයා ඔයා හා මම

පහත තියෙන්නේ මගේ ප්‍රාණ සරි මිතුරන් දෙදෙනෙකු අතර ගූගල් චැට් එකෙදි වුණ දෙබසක්.. මේක කියවලා බැලුවම, අමුතු ගතියක් තියෙන නිසා රස නොනසා එලෙස ම ඔබ උදෙසා පල කරන්න හිතුවා. බලන්න ටිකක් නිකමට වගේ...,

12355

අරයා කොහොමැයි?
සති දෙකකට නෙට් එන්න වෙන්නැ කිවුවා එයා "චාටඩ්" කරනවා
පව්
අහිංසක කෙල්ලක්
මගේ බොක්ක උනුවෙගන එනවා
ආහ්
බලාගෙන
වහිවි

පඩුපුල් ආසනේ උණුත් වෙලා
දෙයියා අඩන්න ගත්තොත් වැස්ස වගේ කඳුලු එවි සෑර්
එතකොට....,
එයාටත් තෙමෙන්න වෙයි
එතකොට පව්නේ එයා
තෙමුණ ඒක ගැන අහං ඉන්න වෙයි
එතකොට පව්නේ ඔයා
එයාට කිව්වාම එයාටත් මතක් වෙවි අතීතය
ඒ අතීතේත් පව්... නේ ?

එදා කල කී දේ අද බොඳ වෙලා හින්දා
එතකොට එයාත් අඩාවි
මට පිස්සු
මට පිස්ෂු
මට පිෂ්ෂු
(ආන්න හරි.., ඒත්...., කෝ වෙරෝණිකා...?)

අපි දෙන්නාම එකට අඩමු එතකොට දුක අඩුවෙනවා
අතීතේ එයාට හැමදේම කියාවි හාර අවුස්සලා
එතකොට එයාට ඇඩෙනවා
හික් හික් හික්
ඈ ඈ ඈ ඈ.....
එයා ඔයාට කියනවා ඒක
ඔයායි එයායි අඬා අඬා කියනවා මට
අහන් ඉඳලා අඩන්න ගන්නවා මමත්
බුහැ බුහැ බුහෑ..... .

සිරිමති විමල් මැති

නිමිත්ත: විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති.
(2009 අගෝස්තු 21 - W3Lanka )

wimal

ෆන් රස පොවති
උපවාස නිමවති
සිටි අසල ජනපති
සිරිමති විමල් මැති

පෙර සිටි විමල් මැති
උපවාස කරවති
අදි නිති විමල් මැති
කල වාස අරවති

සීනුවෙන් මුක්ත වුනි
සාටකේ පහස ලැබි
ධනවාදෙ පහස ගති
තැඹිළි නැත ෆැන්ටා දෙති

සින්ඩි පරික්ෂාව

මේ ව්‍යායාමය මාගේ සින්ඩිය පරික්ෂාව සඳහාම ය.

ෆාතිමා

tear

ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපිද
නුවමනා දේ
නුවමනා වේලාවට මතුවී...,
මටත් හොරා
මා ඉරණම විසඳන සඳ..,
"තලාක් තලාක් තලාක්"
හඬ ට බියව
පර්දාවෙන් තෙත
දෑස වසාගෙන
පරම්පරාවේ උන්නතිය
රක්ෂා කරමින්
මියෙන තුරු
හුස්ම ගනිමි...!

කැමැත්තට ඇල්ලූ පොර

මේ වන විට උතුරේද, ඌවේ ද මනාප පොරය අවසන් වී ඇත. දත් විළිස්සාගත්තෝ කටවුට් වලින් බැස. තමන්ට [බලු] පොරය ට වියදම් වූ මිල පියවා ගන්නට බලය ලැබෙන තුරු මාන බලති. මේ උන් ගැන ලියැවෙන පද පෙළකි...

උතුර දිනති , දකුණ දකිති
ඌව දිනති , කොළඹ සිටිති
රුදුරු රුවැති , මැති අගමැති
වඳිති වැටෙති , මහරජ පැති

හෙන්ඩුව ඇති , අලියා නැති
සීනුව වෙති , හඬක් නොමැති
ඇපයක් වෙති , රජ සතු වෙති
සෙස්සෝ සිටිති , හිටිතැන් නැති

කතිරය වෙති , පෙර පින් ඇති
අය පැමිනෙති , ගසා යැවෙති
වෙන් කොරවෙති , ඵල බලවති
කිසි නොමවෙති , රජා දිනති

wrestling

අවසන.., සමාජය මට "..."වාදියා කීහ.....!

waa

මම සියලු දේ මිලදී ගතිමි
සමාජය මට "ධනවාදියා" කීහ.

මම ස්වයංපෝෂිත වීමට උත්සහ කලෙමි
සමාජය මට "සමාජවාදියා" කීහ.

වරක් දුගී පංතිය ගෙන කථාකලෙමි
සමාජය මට "කොමියුනිස්ට්වාදියා" කීහ.

හැමදේම විප්ලව කර ලබාගතයුතු බව පවසීමි
සමාජය මට "විප්ලවවාදියා" කීහ.

හැමදෙනා ට සම අයිතීන් ඇතිබව පහදා දෙන්නට ගොස්
සමාජය මට "ප්‍රජාතන්ත්‍රවාදියා" කීහ.

මේ කිසිවකට ඉඩ නොදේනම් සියළු දේ විනාශ කල යුතු බව කීමි
සමාජය මට "ෆැසිස්ට්වාදියා" කීහ.

මම කලකිරුණෙමි
හැම අදහසකට ම වාදීත්වයක් අරෝපනය කරන
මේ සමාජය
මට අපුලය .... .

මේ සමාජයෙන් මට ලබා ගත හැකිදෙයක් නැත
එබැවින් මම සමාජයෙන් ජනයා හරණය කිරීමට ඉටාගතිමි...

අවාසනාවක මහත...!

මගේ ඒක පර්ශ්වික චින්තනය ගැන ආරංචිය
කණින් කොණින් ආරංචි වී
අවසන...,
සමාජය මට "ත්‍රස්තවාදියා" කීහ.

රාහුව

blog

පන් විසි වසක්
ඩාදිය හෙලා
තනන ලද
අනාගතය
නොනගතයක් හා සරණ බැඳ
යනවිට
අතීතය ට
ජීවිතය ගෙනයාමට
අනාගතයක් ඉතිරි වේද?

අනාගතය නොනගතය හා
සරණ යන විට
ඒ දැක අතීතය
හඬන විට.., සිහි නැති වී
වැටෙන විට
අනාගතයට තමා
පෝෂණය කල අතීතය ගැන
නැත...,
නැගුනේ කඳුලක්

අතීතයේ වර්තමානය
අතීතය හා සිටින විට
අනාගතය අතගෙන සිටියේ
නොනගතයේ වර්තමානයයි

අතීතය, වර්තමානය අනාගතය
ගෙවීගිය අතර
නොනගතය පැමිණීමෙන්
අනාගතය නොනගතය හා විය
අතීතය තනිවිය....

බංකොලොත් තාරුණ්‍යය..

ඔහුගේ
ඔලුව gel ය
හෙණ ගහලා වාගේ කෙළින් කොර ඇත.

ස්කිනිය srilankan ය
උඩින් දමා ඇති ටී එක armani ය
දෙකම පිටකොටුවේ පේව්මන්ට්ය

ඩෙනිම levi'sය
තැන තැන දම්වැල් මැස්ම දමා ඇත
ඩෙක් ෂූ දෙක adidas ය
ගත්තේ පෙරේදා වෙන්නප්පුවේ
සුද්දෙකු ගෙන් උස්සලා ය

ඔරලෝසුව citizen ය
ඩයල් එක වෙනස් කර rolex වී ඇත
අතේ ප්ලැටිනම් බ්‍රේස්ලට් ය
350හේ lover version එකකි

නිතරම අතේ සෙල්ෆෝනයකි
ඇත්තේ ක්‍රෙඩිට් සත 50කි
මොඩල් එක "nokia" ය
එය ගන්නට සල්ලි හොයන්නට ගොස්
තනිවූ පෙම්වතිය.., කාසිකාර,
N95 එකක් එක්ක ගියේද.., "nokia"ය

බහින්නේ crescat ය
නිවහන mc ය
වර්තමානය rock ය
අනාගතය tragic ය
අනේ මංදාය
පුදුමය...!

hiphop boy

අහිමි පුතුනි මේ අසපන්

නිමිත්ත: දසමස කුස දරා ජනිත කරන ලද තම පුතු කුරිරු ලොව විසින් පාපතරයෙකු හවට හරවා.., අවසන සමාජය විසින්ම ප්‍රතික්ශේප කර වෙඩි තබා මරා දැමීම.
[පාතාල කල්ලි නායක ආනමාළු ඉමිතියාස් වෙඩි තබා මරා දමයි..! - ලක්බිම 10.07.2009 ]

A-crowd-gathers-outside-S-001

චන්ද්‍ර බිම්බ යට ඉපදුණු
මාර අසුර සේනාවක්
යන්ට තනයි රැගෙන වැරෙන්
මා පුතු පැටි උකුල් පැසෙන්

කුරිරු ලොවක් කර සැරසිලි
පුතු ව යවයි පා තබනට
එපා මපුත රැවරෙන්නට
මායා ලොවෙන් නුඹ මිදියන්

නා වෙසින් ම එයි නුඹ හා
මිතුරු වෙන්ට දී පඬුරූ
හසු වෙන්නට නොයන් ම පුත
එපා නුඹට සන්තෝසම්

මුව සමකින් විලිවැසුණූ
වුර්ක රෑන නුඹ මිතුරූ
හුරු කරවයි නෙක පුරුදු
රැක ගනියන් නුඹ සිත් රූ

මා ලොව ගිණි නිවූ පුතුන්
මා තනි කර දමා ගියොත්
වැනසේවා නුඹ සංහති
සේදී ගොස් පොලෝ තලෙන්

පොඩිත්තියේ…..,

004

අතේ තියෙන මල්
තරමට
අනාගතෙත් සුන්දර නම්
රියෙන් රියට යන
පැන පැන
කාසි හිඟන්නේ නෑ
නුඹ...?


ඡායාරුව බූන්දියේ රූකළසකින් සොරා ගන්නා ලද්දකි..

මගේ ම වී සිටි….., ඔබ





miss you

සඳ නිකලැල් ව
එළිය ලන කලක..
සයනයේ මා ඔබ හා
සිටින සඳ..,
චුම්බනයෙන් මා
ළතෙත් කෙරුම ට ඔබ
සිටියා නම්...,

නුරාව අප අතරින් ගලා
යන සඳ
ඔබෙ වටොර ට සිහින් රිදුමක්
මට කරන්න ට
තිබුණා නම්…,

නමුදු …..

අද මා ළඟ
ඔබ නැත
රතු ඇලුමිනියම් වලල්ලත්
කාල වර්ණිත ඔබ
කෙස් රොදත්..,
මා තෙළබණුවේ ඇති
ඔබ රූ කළසත් හැරුණු කොට

ඇත්තේ..,

අප දෙදෙනාගේ සුසුදු මතකය
ගැන වූ සුවඳකි…
ඒ අකස්මික ඔබ නුරාව ගැන වූ
හද තුල සදා නොමියෙන
ආදරයකි....

නිර්වින්දනයේදී අතහැර යාම..

n78001554090_1894712_5089348

දෑත බිම ඔබා ජීවිතය
යදින්න
පස්ස ට වාරුවී
ඒ දෙස බලන්න
නිහඬව උන් ඔබේ
ලිහිල් කෙස් රොදක්
මා මුහුනේ
නොහැපුනේ ඔබ මට ඉදිරියෙන් හිටි
නිසාද
මා ඔබව හැරයද්දිත් ඔබ නිහඬව
මා දෙස යදිනා ලෙද සිටියේ
ආදරය පතා ද?

මොහොතක ට
මා හදවත නිර්වින්දනය විය

දෑස හැර බලන විට
ඔබ අතින් වැසිය හැකි තරම් කුඩා තිතක් විය..
පසුව නොපෙනී ගියේ ය.

[රූප අනුග්‍රහය: මූණු පොතේ I Miss You කණ්ඩායම් ආකෘති පතේ ඇති රූ කළස කින්.]

අන් සතු (මා) රුව

මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

00A4Fw-203944842

[එළි] පෙහෙළිය.

අක්ෂර වනයේ අතරමංව - මඟක් සොයාන යන කල
දුටු එකම ගැලවුමයි - ඒ ඔබේ ජාතක පොත

හදට වදිනා අදහස් තුල - පන්හිඳෙන් විසිරෙන පදරළ
එකට එකවී තිතක් වේ - අවසන මාගේ කොලය උඩ

ලියන්නට ගත්තත් - සහස් දේ තිබුනත්
ගොණුවන්ට බෑ සත්තමයි - තරම් විසල්ය ඔබ වදනක්

සෙත්සිරි දෙන මහා ආදරයෙන් - සත් හට වන ඔබ කරුණාවෙන්
සොයමි මා තවමත් - සිත් ගණදුරු නොවූ ඔබ වදන්ක්

අරුමැසිය මා හදවත - ඔබ තුලට මා වන කල
කවීත්වය අමර වූ කල - මැරුම් කයි මා ගිලන් වූ ගත

( අභි ) රුසිරු ලිය

මෘදංග වද්දන
හදංග රිද්දන
නෙතංග කැල්මෙන
රුවැත්තියේ. . .

වේදිකාව මත
නලවන ඉඟසුඟ
මද්දල තාලෙන්
රඟන්නියේ. . .

මිදි කෙසෙල් ද කා
මදුවිත තොල ගා
සවුදිය පුරමින්
බලන්න මේ

රංගන අවසන
පැද්දෙන ඉඟසුඟ
කුමරුන් යහනට
ප්‍රවිශ්ට වේ. . .

න්‍යශ්ටික ලොව තුළ නශ්ඨ වූ පෙම

විදුහල් දෑත මත
ඇද වැටුණු ප්‍රේමය
මියෙන්නට ළඟයි
දෙදෙනෙකු ගේ ආදරය නොමැතිව

ලයිලා මජ්නූ සාලිය අශෝකමාලා
සාජහාන් මුම්ටාස් රෝමියෝ ජුලියට්
ලෙද පරපුරෙන් පරපුරට
පැවත ආ ප්‍රේමය
මියෙන්නට ළඟයි
කිසිවෙකු ගේ සරණක් නැතිව

පනනගියි කුකුසක්
පවුල් ජීවිතය න්‍යශ්ටික වූ කළ
ආලයක් කොයින්ද
උනුන්ගේ අවැසිකම් පිරිමහනු විණා

ලොකු දෙ ක්ෂය වී
සියලු දේ සාරාංශ කරණය වූ කළ
ආලයට පමණක්
ගැලවියහැකිද ඉන්

අනාගත ලොව
කොන්ක්‍රීට් වන මැද තනි වී
නන්නාදුණන ජීවිතය තුළ
මොළය පමණක් වෙනස් වෙමින්
පරිණාමය නැවතීම නිසා
තුත්තිරි ගසක් යටට වී
ඩාවින් ට පරිභව කරමු ද?

සිතැත්ති

සුමුදු ඇඟිළි තුඩු තෙපුලන
මිරිවැඩියෙන් තාල සලන
නිතර සිනා කිණි සොලවන - සිතැත්ති
විජිණිපතින් පවන් සලන ඔබයි මගේ රුවැත්තී

තරිඳු එලිය ඔබට ගුණයි
පෙම් ගීයට නම් කදිමයි
වළලු හඬ තාල සරට ගී - පබඳන්න
මේ ලොව ඇති වචන මදී මට බෑ ඔන්න

හද නුඹටම ඇරේ තියේ
සඳුන් සුවඳ දැවටී යේ
තත්පරයක් ඉනු බෑ මට ඒ නම් - ස ත්තයි
ඔබ නොමැතිව ලොවක් තනණු හැකි නෑ ඇත්තයි

මා ළඟ නැති ඇය හෙවත් “අහිමි දුක”

leave
තුරු ගතින් පෙම්බර හදින්
අතැඟිළි ගනිම් ඔබ ගැන සිතින්
මිතු දමින් එය කෙළවරින්
ඇති වියෝගය බව නොදකිමින්
සැලෙනැඟිළි තුඩු නෙතින් දකිමින්
ඔබට තෙපලන අදිටනින්
හාත්පස නෙත් යොමා බැලුවා
නොමැත මා ළඟ දුර ගිහින්

ඈත ක්ෂිතිජෙට නෙත යොමන කල
ඔබයි මගෙ පුන් සඳ උනේ
ඔබෙ ලොව තුල වරම් නැති කර
අප වෙන් උනේ ඇයි ප්‍රේමියේ

විඳිමි මා ලොව හුදකලා බව
සදහට ම සැප නැති ලෙසේ
හංසියේ ඔබ තමයි මුළු ලොව
නැති උනත් ජීවන කෙතේ

සදා සුපහන් පහන් සිලකින්
ඔබට පිංපෙත් පුදන්නම්
ඔබ තනන්නට වෙහෙස වැයකල
සොඳුරු ලොව ගොඩ නඟන්නම්

ගීත කෝකිල භාව රස පෙළ
රූ රසේ අඳිනා ලෙසේ
නැති උනත් ඔබ මගේ ලෝකෙට
ඔබයි මා ලොව රිවි ගිරේ

[මගේම වරදින්, මගේ අතින්, අත හැරී ගිය මගේ ම ආදර, ඇයට.....]

Return top | ඉහත්තාවට නැවතත්