ගල්රෝල හා පින්තූරය.


oops

පළඟැටි වත

shu

 

මිදී නිසල් සක්මනින් ප්‍රවේග ගමනක යෙදී
මිදී සොඳුරු ප්‍රේමයෙන් සංකර ආලෙක බැඳී
මුක්ත වී එ සැලකුමෙන් පරිභවයට මුහුණ දී
මා ලොව පෙරැළමින් යයි කණපිටට ම දිනුම දී

 

මවුවත් ආලය අතහැර කාමුක ගතකට ඇදී
මලවි කරළියේ රඟමින ගතදලයෙන් පහරදී
නෙතට නුහුරු කඳුලු බිංදු ඒ ගතටම බාරදී
මා යමි ඉවතට ඇයගෙන් ඇයවෙතටම කඳුල දී

 

හිරු එළියෙන් උදම් නොවී පහන වෙතට පියඹා යන
නිලංකාර ආලෝකය සුරපුරකි'යි සිහින මවන
රිවි කිරණින් සොඳුරු නොවී පහනට ජීවය පුදදෙන
මා තව එක පළඟැටියෙකි පළඟැටියන් ලොව රජයන

Return top | ඉහත්තාවට නැවතත්