හාමුලා, ලොකු ආප්පොලා මැද
ඇමති මැතිවරු මැණිකෙලා
සිටිති ඉඳගෙන කුළුණු බර වී
බණ දෙසන හිමිනම දිහා
කට ඇරන් ඇස් දෙක වසා
ඔන්න ඔහොමලු බුද්ධ කාලෙත්
බුදුන් දෙසනා බණ අහන්නට
උවැසි උවැසියෝ පිරී හිටියේ
සඟ රුවන බණ දෙසනවා
පිරිස ඈණුම් අරිනවා
හොරෙන් ඇස් ඇර බලනවා
සාදු සාදු කියනවා
වතුර ටැංකිය, නූල් පන්දුව
වරු තුනක් ඇත පිරිත් කරලා
කැමති මැතිවරු ආධාර කර
නූල්, දිය බිඳු ගන්නලා
වටාපතකින් මුව වසාගෙන
හීනි දෑසින් බැල්ම දීගෙන
තුරුණුවන් ගුණ වයා ඒ හිමි
පිරිත් නූලක් බෙදනවා
වතුර උගුරක් පොවනවා
ටිකැට් පොතකුත් අදිනවා
මේ වැඩපු ලොකු සාදු නම් හරි
සිල්වත්ය දෙයියෝම බලං
කතරගම නුවරද අනුරපුර
ඉඩ කඩං ඇත ඇතිපදං
පැයක් හරියට බණක් දෙසලා
ලැබුණු පිරිකර ගණන් කරලා
පන්සලට ගෙන එන්න කියලා
ජිප් එකට හිමි වඩිනවා
සැවොම සාධූ කියනවා
හරිම සිල්වත් හිමිගේ බණ ටික
නිවං ගිය වග දැනෙනවා
හාරදාහක් මිල ගෙවා ගත්
පිරිත් නූලක් තියෙනවා
හරිම ආසා හිතෙනවා
නිවං ගිය වග දැනෙනවා
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
2 weeks ago