ස්තුතියි

Untitled-1

සබඳ,
යා නොවී එහි දුර ගෙවා
තැවේ තවමත් සිත තුලින්
යා නොවූ දුකත්
දිනූ අභිමනත්
ගැටී විසිරී
සැමතැන
.

සම්මානයක බර
අතට තව නොදැනෙනමුත්
හිතට බොහොම බර වැඩිවූ කලෙක
තුති පුදමි
උඹට, නුඹට සහ ඔය ඔතන ඉන්න උඹටත්
කියවූවාට මේ දැහැන
!

එක ම පෙම රහමෙර ම

drunker

ජීවිතය අඳුරේලු
කෝ මගේ රුපියලය
මට එපා මට එපා
විසිකරමි ගේ මුලට

ඇහිඳගෙන හැකි අයම
පුදා ඒ රා පොලට
ගෙනදියවු මට පදම
පිරි එ රා බෝතලය

අතීතයෙ එක කලෙක
අද වැනි ම වැහි දිනෙක
මා නිදන යහන මත
සිටියා ඈ මා සමඟ

රට්ටු වේසී කියත්
ඇසුවේ නෑ එක බසක්
පෙම පුදා මා ඇයට
ගතවි වරු දෙක තුනක්

එන විටදී පැල්පතට
ඇසුනා කෙඳිරිළි හඬක්
ඈ යහනේ උඩුබැලිව
සමඟ තඩි කලු එකෙක්

එදාසිට ඇය නොමැති
සයනේ වැතිරියේ මෙමා
පෙම් කලේ රහමෙර ට
නොමැති ගියේ මා දමා

photo blogger

ThePhotographer

නොබැලුව නොදැකි තැන් ලොවට ම රවන්නේ
සැහැල්ලුවකි පිටමැද තනි රකින්නේ
ලෝකය එකම තනි යායට පෙනෙන්නේ
මායිම් වැට කඩොලු නැත තඹයක තකන්නේ

විවිධාකාර තැන තැන කාලය ගෙවනා
වෙසෙස් මනුකැලක පහසට ලොබ බඳිනා
ගෙල පසුකර වැවි කේසරය නොකපනා
එය පිරිමදී සූෆි ගීසර මුමුණමිනා

නිතොර අතක රැඳි ඩිජියකි කැමරාය
නෙක රැස වර්ණතල හැඩතල ගත්තාය
කැපී කෙටී එය බ්ලොගයක දිලුනාය
ඒ රූ කලස දැක ලෝදන දෙඩුවාය

මල්කෙමියක බමරින්දක නොමැති තැන
වැව් ඉවුරක සුර අඟණක ලෙස දකිත
අටවා කැමරාව ගෙන රූ කලසක් සොඳට
ඒ හැඩ කරයි නිමවෙන තුරු සවස දින

දවසක නිමාවක සටහන මෙසේවෙතී
සුවදුක් අසනු නෑයෙක් මල්ලෙක් නොමැතී
අනාගතය දරුමල්ලන් නොමැතී සකී
සෙට දවසත් සැමදින සේ මෙලෙස වෙතී

බන්ධන

grid world

නොදන්නා කිසිවෙකු
වෙයිද මේ ලොවතුල
අඳුණන්න ට අපහසු
සිතුවිල්ලක් හැර

නොදන්නා හැඳිනීමක්
වෙයිද කිසිවෙකුතුල
සිතා ගන්නට ට අපහසු
ලෝකයක් මිස

නොදන්නා සිතුවිල්ලක්
වෙයිද මේ ලොවතුල
අඳුනන්නට අපහසු
කිසිවෙකු මිස

නොදන්නා ලොවක්
වෙයිද මේ සිතතුල
අඳුණන්න ට අපහසු
හැඳිනීමක් හැර

රූපානුග්‍රහය► http://goo.gl/97d6Q

[වි]සංවාද…,

coffee love

නිබඳ සිත සනසා කියාලන
ආදරේ පොඩි පැතිකඩක් ගැන
කෝපි උගුරක වී තුරුලුව
වරු ගෙවෙනතුරු කතා කරමුද

කතා කරනා ඇඟිළි තුඩු ගැන
එයින් ගලනා කවි පෙළක රස
විඳින්නට හිතෙනා සවසක
වරු ගෙවෙනතුරු කතා කරමුද

නිහඬ රස පිරි සෙන් කතා ගැන
ජන කතාවක චරිතයක් ලෙස
සිත් තැවුල් පන්හිඳට බර කර
වරු ගෙවෙනතුරු කතා කරමුද

වයින් උගුරක සුමුසු පෙම් රස
ආලයට සමබර කරනවද
මගේ නුඹගේ එදා ලොව ගැන
වරු ගෙවෙනතුරු කතාකරමුද

Return top | ඉහත්තාවට නැවතත්