තව
එක කතාවක්
කියපන් ෂෙහෙරසාද්
උඹ
කතා 1001ක්
කියනකල්
මම බලා හිටියේ
උඹේ හැකියාව
දිහා නොව
ඔය ලස්සනට
සැලෙන පෙරළෙන
දෙතොල දිහාවෙයි
මා එය
සිප ගත්තොත්
උඹ
මා පසෙකට
විසිකර දමනු
නියතයි
බිම බලපන්
ෂෙහෙරසාද්
මා කඩුව
නුඹ නැඹතුර අස
සෙළවුනොත් ඇනේවි
ඒ නුඹට රිදේවි
අනේ
ඒ නිසා මට
තව එකම එක
කතාවක් කියපන්
ෂෙහෙරසාද්
පහත ලිවීම►
ෂෙහෙරසාද් යනු අරාබි නිසානන්දය කතා මාලායෙහි එන එකදහස් රැයක් ගෙවමින් නපුරු ෂාරියර් රජතුමන් හට කතා පබඳමින් සිය දිවිය රැකගත් උපායශීලී කුමරියයි. ඒ හැම රැයකම අවසන ඉතිරි දිනයට තම කතාවේ අවසානය තබන්න්ට තරම් ඈ දක්ෂ එකියක් වූවා ය. එක්දහස් එක් වැනි රැය අවසන් වන්නේ රජතුමා කුමරිය පිළිබඳ වූ බැඳීමෙන් ඈ හට ජීවිත දානය ලබාදීමෙනි.