[නි]වැරැද්ද


වැරදි වෙලාවක
වැරදි කෙනෙකුට ළංව
වැරදිලා වගේ
වැරැද්දක් කල පවට
වැරදිලාවත් උඹව පාරෙදි හමුවුනොත්
වැරදිලාවත් මතක් වේවිද
වැරදි පාරක
වැරදි වෙලාවක
වැරදි විදියට යාමේ
වැරැද්ද..?

වැරදි පාරේ ඉඳන්
වැරදිලා හරි,
හරි පාරක්
හොයා ගන්නකොට
රට්ටු කියාවි ද
දන්නේ නෑ
හරි පාරක යන්න
දැන්
වැරදි වයස කියලා

5 ක් අදහස් දක්වලා.:

ජේ.ඩී

හැබැටම රට්ටු මොනා කියාවිද ?

Amila Chathuranga

වැරදි ටික එකතු කරල වරහනක් දැම්ම නං ලස්සනයි...

මාතලන්

මක්කට යනවාද
වැරදි පාරවල් වල

Chandima

දැන කොලොත් වැරදි
අපායේ යයි නො වැරදි
ඒ නිසා නො වැරදි
හදා ගත්තොත් හොඳයි වැරදි

Dinesh

වැරැද්ද නිවැරදි කරන්න කාලය ඇවිත් වගේ..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්