Showing posts with label බේබදු. Show all posts
Showing posts with label බේබදු. Show all posts

කට කපලා තව ෂොට් එකක් උගුරට..


හැම විටෙකම
කියන්නට කතාවක්
මට ඇත

බඳුන වටා රොක් වෙන
මිතුරන් එය අසන්නට 
සැරසෙත..

මගේ දුක කියන්නට
කියන දුක අසන්නට
සවන යොමුකරන'තර 

"අයියේ ගහමු තව අඩියක්"

කියා හැමවිට 
වීදුරුව පුරවන
දුඹුරු වර්ණිත 
පොකුණු දිය මත
ඇසේ කඳුලැලි 
දියව යනවිට
පාලු කපනා 
නුඹ සොයුරු පෙම

ඒක හරි තද බැඳීමක් බං!!! 

කට කපලා තව ෂොට් එකක් 
උගුරට..

එහිතට ඇමතුවෙමි

දුං මල

 .
මලින් පිරි සුදු පැසක් සොලවා අවට කොල්ලන් නැඹුරු කරවා
ඉත සිතින් නුබ යවා පුරවති දුම් කදක හද යෙහෙන් සොඳවා
දුමාරය මැද අතරමං වන තරුණ කැල සිය මනස වනසා
දමා ගත් කල කුමන සතුටද මිල පමණි නුඹ සදා තනිවා

නිවා දමමින් පුළිඟු කැබලිති පිඹිති අහසට මල් දුමාරය
උරණ තුරු උන් සිතති යහම්න් තමන් මේ ලොව මල් කුමාරය
නොමැත කිසිවක මෙලෙස සුවදෙන සිතන විට නුඹ අහෝ සෝකය
නැඟිටපන් මල පමා නැත නුඹ වැජඹෙන්න ඇත නුඹට කාලය

කොතෙක් සුරඟුන් පෑද ලීලය නොරැවටෙන් මල නුඹ දනිත් එය
මතක් හදවත තුලට ගත්තද පිටත් වූ අය නැවත එන්නැත
අහිමි වූවේ ඈට නුඹමය, නුඹට ඈ කිසිලෙස අහිමි නැත
නැගිටපන් අද අදම දිරිගෙන අහිමි නෑ බොට නුඹේ රන්හිත

අවසානයේ උරුම තැන



බස් රේඩියෝ බ්ලොග් සතිය
බ්ලොග් සම්මාන මිතුරු පිටුව► www.facebook.com/syndi.buzzradio
අහන්න නවතම තොරතුරු ► www.buzzradio.lk
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය► syndi.buzzradio.lk

#KolaveriDi


මිතුරනි මේ ගැයෙන්නේ දුක් ගීයකි
එන්න අසන්න වට වෙන්න.
මේ පෙම නිසා
පද එකතු කල දුක්ඛාන්තයකි

දුරින් ඈ සඳ දීලේ ධවලින්
ධවල බිමට රැය පායා එන සඳ,
ඒ දිලේ අඳුරින්...

යුවති ඇස ඇස ගැටෙන මොහොතක
ඉපදි මා දිවි අඳුරු වෙන කල...
ධවල යුවතියන් කෙතරම් සිටියද
ඔවුන් සියල්ලේ හදවත් අඳුරු නම්
කුමක් කරමුද?

අතැති බඳුන් රහමෙරින් පිරී යත
නෙතට ඉනූ කඳුළැලි සමඟින්
එහෙව් හිස් දිවි පා නගන යුවතී
දිවිය සැනින් කණපිට හරවත්..

එහෙව් යුවතිය
මම නුඹට පෙම් කරමි
දෙවියනි මට
නුඹ අවැසිය එපමණට ම

ආදරේ ඇහැරවා නිදන නුඹ

sleeping-girl

ඇහැරිලා ඉන්න විට
නිතර මොරදෙන උඹට වඩා
කොට්ටේ වෙනුවට
මගේ අත බදාගෙන
නිදියන උඹට මම ආදරෙයි

ආදරේ කියලා හිතන එක
ආදරේ නොවුනත්
එහෙම හිතන එකත්
සැපක් වර්තමානය
අමතක කර

තුරුලු වෙන්න
නිදියන්න
නොම ඇහැරෙන්න
කොහොමත්
නිස්කාරනේ මගේ බෝතලේට
විරුද්ධව
නිතර මොරදෙන නුඹට වඩා
බොඳ වෙච්චි ඇස් අස්සෙන්පේන
මයේ අතට ගුලි වෙච්චි
උඹට
මම ආදරෙයි.

වෙනස

Absolute_alone_10

පදපෙළට ගෙවූ මිල
අත මතට ගුලි කරවා
පැහැර ගත් ගී කමල
ගුවනේ සැරි සරන කල

ලියූ අත කරවා අමතක
ගැයූ හඬට සත්කාර කොට
නංවා යසට වේදිකාවට
තොල් සලා
පසෙකින් ගැයෙන ගීතයට අනුව
දහසින් බැඳි පියලි පුද කර
නංවා නවතම සිවු සක් රියට
යනවිට අහසින් වැදි අකුණක ලෙසින්

ලියූ අත තනිවම තැබෑරුමක
දහසින් බැඳි පියලි වෙනුවට
රහමෙරක පහස ලැබගෙන

සකේ උගුරක පෙඟුණු මතකය

විජිනිපත් හිඩැසින්
බැලුම් ලන
ඔබද ඒ ගීෂාව
මගේ මත් ලොව තුල

සකේ උගුරක පෙඟුණු මතකය
ස්පර්ශකර එක වදනකින්
සලා යනවද විජිනිපත් සර
දසත මවමින් ඒ අතීතය

නොලැබ මතකය තුටින් සජ්ජිත
බමන මතකය පටලවයි සිත
සිහිනයකදී අතුරුදන් වූ
තුහින වැසි දිය බින්දුවක ලෙස

එක ම පෙම රහමෙර ම

drunker

ජීවිතය අඳුරේලු
කෝ මගේ රුපියලය
මට එපා මට එපා
විසිකරමි ගේ මුලට

ඇහිඳගෙන හැකි අයම
පුදා ඒ රා පොලට
ගෙනදියවු මට පදම
පිරි එ රා බෝතලය

අතීතයෙ එක කලෙක
අද වැනි ම වැහි දිනෙක
මා නිදන යහන මත
සිටියා ඈ මා සමඟ

රට්ටු වේසී කියත්
ඇසුවේ නෑ එක බසක්
පෙම පුදා මා ඇයට
ගතවි වරු දෙක තුනක්

එන විටදී පැල්පතට
ඇසුනා කෙඳිරිළි හඬක්
ඈ යහනේ උඩුබැලිව
සමඟ තඩි කලු එකෙක්

එදාසිට ඇය නොමැති
සයනේ වැතිරියේ මෙමා
පෙම් කලේ රහමෙර ට
නොමැති ගියේ මා දමා

Return top | ඉහත්තාවට නැවතත්