මතකයක් යට හිඳ..!

දුරක් යන්නට අතක් පටලන්
එකට අත්වැල් බැඳ තියා
යන්න හැදුවට පොඩි තරහකට
ඒ බැන්ද වැල් ගිලිහී ගියා

වසර කීපෙක කතා පිටුවක
නවකතාවක මිහිරැති 
ලියූ දෑ මතකයට නංවනු
කෙලෙස කරමිද කඳුලැතී

තරහවක තුල පිපිරී යන්නට
නොකල දේ චෝදනා කරන්නට
කෙලෙස හිත ගත්තේද මිතුරිය
වරදටත් පෙම් කරපු එකෙකුට 

ජීවිතේ නුඹ සුවෙන් සිටිතැයි
හදවතින් මම විමසමි
එහෙත් ඒ බව අසන්නට වත්
කිසි දිනක නොම අමතමී

බොහෝ තැන් වල වැටී විසිරුණු
මතක පැල දැන් වනස්පති වෙති
යනෙන ගමනේ ඉඳහිටක මම
මතකයක් යට ගිමන් හරිනෙමි 

2022 වප් මස දී ය.

සමහර දෑ

 හදවතින් හදවතට එක් වන
රහස් වැනි සමහර දේ ඇත
කිසිවක් කිසිවෙකුට නොකියන
උනුන්‍ට හැර තවකෙකුට නොදැනෙන 

❤️

Return top | ඉහත්තාවට නැවතත්