පුතා..!

කට ඇරියොත්
රැඩිකල් කතාය
බලන්නේ අලුත් ඇසින්
දේසපාලනේ දෙසය
නිතර ඇසෙන්නේ
විකල්ප සින්දුම ය
නන්දසිරිලාට එදිරිසිංහලාට
එතන ඉඩ කොයිබද?

එහෙව් පුතා තවමත් යයි
අම්මා පස්සෙන්
සෙනසුරාදා පොලේ
පන්මල්ල අතින් ගෙන
අම්මට බර දෙන්නට
දුකින්

පුත්තු එහෙමය
ලෝකය රැඩිකල් වූ
නමුදු
හදවතේ අම්මාය
Return top | ඉහත්තාවට නැවතත්