සුරංගනාවී. . .

emo-g

ඉස්කූටර තුරඟා පිට
පෙළහර ලන
කුමරා දැක
හද තැලුණි ද මගේ පුංචි සුරංගනාවී

උපතින් ලද
තටු යුවළද
අමතක කර තුරඟු පිටට
ඉගිලෙන්නට යන්නේ ඇයි නුඹ අහසේ බව දැන දැන

ආදරයෙන් ඔකඳ වෙලා
මල් පෙති ගත තලා පෙලා
බඹර කුමරු යන්න ගියත්
පාරමිතා පුරනු එපා මතු නොම එන කුමරු පතා

ඉරුණු තටු පිරියම ට
ආදරාලේපය ට
තැලුණු සිත සදන්නට
හද රළුය දරුණුව ට

කැඩුණු තටු අකුලගෙන
අහිමි පෙමට බඹුන් වඩා
ඔද්දල් හිත තව තලෙන්න
ඉඩ නොදෙන්න මගේ පුංචි
සුරංගනාවී. . . .

සින්ඩිකේටරය පරික්ෂා කිරීම.

මෙම තැත මාගේ සින්ඩිකේටර පරික්ෂාව සඳහා ය.

කුළිය

legs

පල පල පල
කියලා පලා බෙදුව ට
යන්න කලින් මට
මගෙ කුලිය දීපිය..

මුලු රෑම මහන්සි උනා ට
පාන්දරම මගෙ බඩ උඩට
රුපියල් සීයක් දාල
බේරෙන්න හිතුවට
යන්න කලින් මට
මගෙ ගාන දීපිය..

කලින් නම් "එන්න සුදො"
පස්සෙ " පල යන්න පට්ට _සි"
මේ සීයත් ඇන්න ගිහින්
මමයි අර කිරි සප්පයයි
වහ කන්න ද?

නංගි ගේ සෙරෙප්පු පාර.

ඇයි නංගී අපි කලු ද...?
කියලා ඇහුවෙ
කට වාචාල කමකට
සෙරෙප්පු පාරක් කන්ට
බලාපොරොත්තුවෙන් නෙවෙයි...
ආයුබොවං
මයෙ දෑහෙ
වර්ණාන්ධතාවෙන් පෙලෙන හන්ද.. .

දිව්‍යමය හඬක් ගැන පුංචි ඔත්තුවක්......

මගේ ජීවිතෙ ආදරණීය ම මිතුරිය ගෙන් මට හරිම සුන්දර දෙයක් ගැන තොරතුරක් හම්බ උනා, ගායිකාවක් ගැන. ඇය ලංකාවේ තැනත්තියක් නොවෙයි. ඇගේ උපන් බිම අයර්ලන්තය, නමුත් දැනට ජීවත් වෙන්නෙ එංගලන්තයේ. ඇයගේ නම "සුසන් බොයිල්". වයස අවුරුදු 47යි.
susan boyle පෙනුමින් වෙනසක් නැතත්, ඇය ගේ හඬ මට ගෙනාවෙ ඇය ගැන දිව්‍යමය හැඟීමක්. පසුගිය දවසක ඇය බ්‍රිතාන්‍ය යේ පැවති Britain Got Talent තරඟයේ දී, I Dreamed a Dream ගීතය ගායනා කලා. වේදිකාව ට එන විට පැවතියේ උපහාසය මුසු සිනහවක් උවත් ඇය ගීතය ගායනා කරනවාත් සමඟ ම ප්‍රෙක්ෂකාගාරය හුන් අසුන් වලින් නැගී සිටිමින් එයට ප්‍රතිචාර දක්වපු අන්දම හරිම පුදුමය දනවන සුළුයි.

Youtube වෙබ් අඩවියේ මෙම ගීතය අඩංගු VideoClip එක ඇතත්, එය වෙනත් වෙබ් අඩවියක ප්‍රචාරය වීම නවත් වන්නට කටයුතු යොදලා. නමුත් පහත ඇති link එක click කිරීමෙන් ඔබට එම ගීතය බලන්නට පුලුවන්. ඒ වගේම පහත ඇති Wikipedia link එක හරහා ඇය ගැන තොරතුර දැනගන්නටත් පුලුවන්.....
Youtube link : I Dreamed a Dream sung by Susan Boyle
Wikipedia link : Present Information Susan Boyle

අලුත් අවුරුද්ද හා අපි

අහස් කූරු යවලා රවි චක්කර පත්තු කරලා
නෑයින් ට සාද පවත්වලා
ඉවර වෙලා
පස්ස බැලුව ම ඉතුරු වෙලා තිබුණේ
බුන් බවට පත් උනු මේසෙකු යි
හිස් වෙච්චි පොකැට්ටුවකුයි
විතරම යි
අම්මා පල්ල..........

Night__s_Sorrow_by_abuseofreason

සද්දෙ ට ආදරේ ද?

ear plug කණේ ගහගෙන
පාර පනින කොට
ඇවිත් වැදුන ගල ට
පින් සිද්ද වෙන්ට
තනි කණෙන් සින්දු අහන කොට
කියා ගන්න බැරි තරම් ආදරයක් ඇතිවෙනව
සද්දෙත් එක්ක.....

කරදරකාර ආදරය.

හැමදාම බීගෙන
ඇවිත් මට කරන කරදරය
ආදරයක් විදියට
දකින්න
බැරි කාලකණ්ණිකමට
දුන්න පිහි පාරට
නලලෙන් විද්ද
ලේ පාර බිත්තියෙ
තිබුනෙ...
කල්ප කාලාන්තරයෙ ම
හැම මිලි තප්පරේ ම
උඹව මතක් වෙන විදිය ට....

Blood_Knife_Revisit_by_DeadlySemicolon

වාසගම් - දන්නා දේ ගැන නොදන්නා යමක්.

අපි අපෙ වාසගම් ගැන උදම් අනනවා. එහි ඇති උදාරත්වය ශ්‍රේෂ්ඨ බව වගේ දේවල්. පරණ අය තම වාසගම් විදියට භාවිතා කරගෙන තියෙන්නේ, තමා කරන රස්සාව එහෙමත් නැතිනම් ජීවන වෘත්තිය. ගාර්දිආරච්චි, දිසානායක මුදියන්සේ,බණ්ඩාර, අප්පුහාමි වගේ නම් ඉහත දේට උදාහරණ. තවත් විදියට මගේ පෞද්ගලික අදහසට අනුව ඔය කුල මල වල මූලික කාරණයත් ඔය ඉහත කාරණාවම යි. තමන් ඉන්න ප්‍රදේශය අනුව, කල ජීවනවෘත්තිය අනුවත්, තම අයත් උන කුලයත් යන මේ මූලික කාරණා දෙක පදනම් කරගෙන තමයි, වාසගම් යනාදිය හැදී ඇත්තේ.

රක්ශාව අනුව: හෙට්ටිආරච්චි, චෙට්ටියාර්, අප්පුහාමි, මුදියන්සේ.

ජීවත් වන ප්‍රදේශය අනුව: පුවක් ඕවිට, ඉද්දමල්ගොඩ, කිරිඇල්ල, කිරිපෝරුව.

කුලය අනුව: මනන්නලා ගේ, නැකතිගේ.

යම් දෙයක් පාදක කරනොගෙන හෝ එයට හේතු රහිතව හෝ සහිතව වාසගම් භාවිත කරනවා නම් ඒ යුරෝපීයන් ම පමණයි.

වාසගම් වගේම භාවිතා වන නම් ගිහියන් නොව පැවිද්දන් අතර තමා හට පැවදි වන විට ලබාදෙන නාමයට ඉදිරියෙන් භාවිතා වෙනවා. එහිදී තමා උපන් ගම හෝ පැවදි වන විට ජීවත් ව උන් පලාත දැකිය හැකියි.
එල්ලාවල මේධානන්ද, ඇල්ලේ ගුණවන්ස, ගැටහැත්තේ සෝභිත ආදිය උදාහරණයි.

වාසගම් ගැන විවිධාකාර අදහස් ඔබ තුලත් තිබිය හැකියි. හැම දෙනා සමඟ ම බෙදාහදා ගැනීමේ ගතිගුණය ඔබ තුලත් තිබේ නම් විද්යුත් තැපෑල හරහා මාව අමතන්න. මම ඔබගැන කියා අදහස පල කිරීමට සූදානම්.

ස්තූතියි.
lishanpuwakowita@gmail.com

සම නැති ආදරය

කවක් ලියනා සඳ ආදරය ට
කවි වැල් ගොතමින්
සඳක් පායන කල අහසේ
හැම ගණඳුර නසමින්
මම කවි ලියම් ද නුඹ ආලෙට
සඳ සම කරමින්
නැත සඳ පිවිතුරු නැත නුඹ
ආදරෙ තරමින්

the-kiss

මරුවා එනතුරු

dying2

ඇස් කෙවෙනි රිදුම් දෙයි
බලා සිට
මරුවා එනතුරු
ඇට කූඩුවට ඇලවූ
සවු කරදාසි සේ
සිරුරු චර්මය
ඇලී ගැලී ඇත

කොහ් කොහ් හඬින්
ඇලලී ගිය
කම්පනය
ඇට කූඩුව පුරා රැව් දෙමින්
වේදනාවේ කුරිරු බව
හිතට මුමුනයි

දුර් වර්ණ වූ
අඳන් සරන් කොට්ට මෙට්ට
අබලන් වූ
දිරාගිය මිනිස් පොල්කට්ට
පිට තබා ගෙන හූල්ලයි

කවදා කොහීදි කෙසේ....
මරුවා
මා පසුපස ඒ දොයි දන ගනු රිසින්
ඩාස හැර හිස් ඔසවා බලන කල
රතු පැහැති හැන්දකින් මාහ ට....
ලොව තන්හාව
පැ හතරෙන් හතරට පොවයි

කවිය

එත් දී
යත් දී
කොලය මතට
වැටෙන
වදන් අදහස්
නියමිත පරිදි
හසුරවා
පන්හිඳෙන් ස්ථීර කර
පෙල ගැන්වීම. . . .

You

How can I tell you

How much I love you

You’re my sun, my moon

You ‘re my every thing

From the moment we met

I’m dreaming about you

Every beat of my heart

Says your name

When I look anywhere

I see your face

I hear your voice

Tears of my eyes

The pain of my heart

All are you

It’s you

ඉවසපන් ම පුත

මනින තුරු
ගත
මිල මුදලින්
සොඳුරු බව තලා පෙලා
වගුරවන තුරු ඒමත. . . .
රාගය

කුස පුරවන්න ට
නව වසර ට නව ඇඳුම්
ගන්නට

ඉවසපන් මගෙ පුතෙ
අද ට විතරක්
ලුණු කැඳ බී

අම්ම ගේ
ගත විකිණෙන තුරු
ලන්කාරෙ
උඹ ගත සරසන්න ට. . .

ස්තූතිය් පොත් රාක්කය

ලොව දිනන්න ට
ජය ලබන්නට
කඩඉමින් පැන සමත් වන්නට
බුද්ධිය දුන්නා ට නොව
ඇය ට මා දුන් හාදුව
මුලු ලොවින් ම වසන් කලාට....

මල හා බමරාගේ ආදර කතාව.

නිමිත්ත : තම තරම නොදත් අලි පෑටවෙකු කාචය කින් මලක් දෙස ඈස යොමුකල විට ගලා ගිය සිතුම් ප්‍රවාහය.

මලක් නටුවෙන්
ගිලිහුනු කල
ඒ මලට ආ පොඩි බමරා මම....

කාචයකින් බැලූ කල
ඒ බමරෙකු නොව
අලියෙකු බව පෙනුන සඳ.......

ඒන්ම මල දෙස
බැලූ කල ඒ මල තවමත්
සුපිපුනු මලක් ම විය.

දයාව ගලා ගියේය....
ආදරය ඉපදිනි........


ලිශාන් කසුන් ශ්‍රී සමඟ කෞෂි ආරියබන්දු....

Who is the maker

Heart makes love

Love makes thoughts

Thought makes imotions

Imotions makes incidents

Incidents makes characters

Characters makes quotes

Quotes makes ideology

Ideology makes inspiration

Inspiration makes invensions

Invensions makes people

People makes breath

Breath make by heart

Heart makes…………

(we are the makers of our selves.)

Return top | ඉහත්තාවට නැවතත්