
නිහඬවම
තුඩගින් කැඩී
ලොවට බර නැති
ලෙසින් පාවී
වැටෙයි හෙමිහිට
දිවියේ අවසන
තේරුමින් ගෙන
විලස වියැලුනු
කොහොඹ කොලයක්!
මවු සමඟවිත්
උයන් කොණ හිඳ
නටයි දුව පැන,
පෙර නොවූ ලෙස
නැවති එක තැන
කොහොඹ ගසෙකින්
වියැලී බිම වැටි
කොළ ඇහිඳ ගති
උයනේ සිටි එක
කුඩා දරුවෙක්!
පෙර කලෙක
ඔහු සමඟ දවසක
කල කතා මැද
හිස්වූ සිතිවිලි
ගෙවෙන තුරු
ඒ සොඳූරුකාලය
කොහොඹ කොල
වියලවා පොත් මැද
එකතු කල සැටි
මතකයන් ලෙස.
මතක කරවයි
වියෝ දුක් මැද
කොහොඹ කොල හා
කෙලින පුතු දැක
අසල සිටි එක
තුරුණු වූ මව!
අහිමි පෙම
මතකයක රඳවා
ඒ මතක
පුතු මතම වියලා
ප්‍රේමයේ කලු
මතක මැද්දෙන්
නැඟී නුවනත
පෙර නොවූ ලෙස
රුදු මතක මැද
තනිවූ කඳුලක්!