හාදු හොරකම

 
 
එල්ලය බලා වෙර දමා අහසට
උඩට විසි කල ඇගේ හාදුව
මාවතේ තනිවම ගමන් ගිය
වැදුනා මාගේ ලලාටය මත

අයියේ මාගේ හාදුවක් ඔබේ
නළලේ වැදීලා විසි උනාදෝ
දුටුවා නම් විසිවූනු ඉසව්වක්
තරහා නැතුවම කියනවාදෝ

නංගී මම හරි කලබලෙන් වැඩ
පොලට යන මග ඉන්නේ දරුවෝ
වැඩ ඇරිලා මම නැවත එනවිට
හොයනකම් ඔබ ඉන්නවාදෝ

අනේ අයියේ කොහොමටත් බැහැ
එක මාගේ එකම හාදුව
ඔහුට දෙන්නයි හිටියේ මම එය
උඩ දමා නැති නොවුනා නම් හෙට

මක්කරන්නද එහෙම නම් මම
අලුත් හාදුව මගෙන් දෙන්නද
මගේ අතේ තව දුසිම් ගානක්
තරමටම ඇත හාදු ඉතුරුව

එක්වරම එය ඇසු යුවතිය
තරහකින් මා දේස බලා
ඉවත් වී ඒ සඳලුතලයෙන්
මැකී නොපෙනී ගියා

එල්ලය බලා විසිකෙරුව කල
උඩට විසි වූ ඇගේ හාදුව
නළලතේ වැදිලා තදින් වැර
වැටුනේ මාගේ සාක්කුවට ම

කිව්වේ නැහැ මම ඇගේ හාදුව
මගේ සිත මත සුරැක ඇති බව
හදිසියේ ලැබුණා උනත් මට
වටිනවා මහා මෙරක් තරමට
 
සේයාරූ : Andy Barter
Return top | ඉහත්තාවට නැවතත්