මම නුඹ හට නොම සලකමි

noma

ඇතුලත ගිනි පිටතට දී
පිටත ගින්න ඇතුලට ගත්
වදක භාරියාවක ලෙස
මම නුඹ හට නොම සලකමි

 

නොම ගැලපෙන අදහස් ඇති
නොම ගැලපෙන සිරුරු දෙකක්
සතප වන්න බෑ එකවිට
කවදාවත් හැමදාට ම

 

කෙතරම් හොඳ සැප සම්පත්
තිබුනත් මට හැමදාමත්
දෙන්නට සැප බෑ සොඳුරිය
නුඹ නැතිනම් මට හිතවත්

 

මා රිදවාලන්නට නුඹ
තැත්කෙරුවත් හැම දාට ම
පළි ගන්නේ නුඹගෙන්මයි
එය නුඹ දන්නෑ තාමත්

 

නැත වෛරය මට නුඹ ගැන
ඇති අනුකම්පාවක මිස
අප දෙන්නා නොබැන්දනං
අපි හොඳ මිතුරන් තාමත්

20 ක් අදහස් දක්වලා.:

Anonymous

මැක්සා.

හෙළයා

සරල වුනත් ලොකු දෙයක් කියලා තියෙන්නේ. නියමයි.

සචී

හරිම අපූරුයි....!!!!

දුකා

නියමයි ලිෂ් . . . සිරාවටම නොගැලපෙන ගෑනු මිනිස්සු කසාද බැඳලා එකිනෙකාට වෛර කරමින් ඉන්න එක ගැන ලියවුනු සරලම සහ බොක්කටම වදින පද පෙලක් . . . කිව්වත් වගේ එහෙම අය නොබැන්ද හිටියනම් හොඳ යාලුවෝ වෙලා කොයි තරම් නම් සතුටින් ඉඳීවිද . .

Anonymous

හැමදාමත් වගේ අපූරු අදහසක්.

ඒත් බොරුවම රජ වෙච්ච ලෝකෙක ගැලපෙන නොගැලපෙන එක හොයාගන්න එකත් හරිම අමාරු දෙයක් නෙමේද?

මයියා

ela post eka...matath podi kiyamank mathak una..habai kawwda kiwwe kiyalanam mathaka ne...

' it is possible to have a love after friendship...but certainly not friendship after love'

- නිල් අහස -

අපේම සමාජයේ එක්තරා පැතිකඩක් අපුරුවට පද වැලට එක්වෙලා.
supperbbbb..Lish

``` Outsider```

යථාර්තමය අදහසක් සරලව ගොනුකරල තියෙනව මටසිඵටු විදියට.

Pathum Punchihewa

කතන්දරේ ඇත්ත. වැඩේ තියෙන්නේ අපි ඔයන්නේ කසාද බඳින්න කෙල්ලෝ.. නැතිනම් කොල්ලෝ. ඇයි අපිට යාළුවෝ හොයන්න බැරි? අපි ආදරය කරන්න ඕනෑත් යාළුවෙකුට. අපිට යාළුවන්ට හංගන්න දේවල් නැහැනේ...

Randika Sedara

ඇත්තටම නියමයි

චමිදේවා

හැමදාමත් වගේ උඹ දැක්ක දෙයක් ලස්සණට කවි කරලා තියනවා...

ඒකනෙවෙයි බන්,
කොහොමෙයි එතකොට හරියටම ගැලපෙනෙ කෙනා හොයා ගන්නේ.....

Anju

වටින අදහසක් සරලව කියල තියනවා...ලස්සනයි..

විශ්මි

කතාව ඇත්ත...... නොගැලපෙන දෙන්නෙක් බඳිනවට වඩා යාළුවො විදියටම ඉන්න එක හොඳයි...... නිර්මාණය අගෙයි......

ආගන්තුකයා | Stranger

සිරා.. මේක ගැන කමෙන්ට් එකකින් කියලා වැඩක් නෑ.. වෙනම හම්බවෙලා කතා කරන්න වටිනවා...

LishWish

@ chamiladealwis.com: ස්තූතියි

@ හෙළයා : ස්තූතියි සහෝ

@ සචී : ස්තූතියි අක්කේ

@ දුකා : දන්නවනේ අය්යේ මගේ අත්දැකීම.., මම බැරිවෙලාවත් කසාද බැන්දානම් ඕක තමා මට වෙන්න තිබ්බ දේ...

@roylyfernando: ඔව් ඒක නම් එහෙම තමා..

LishWish

@YaselaSumanasinghe: ඔව් එය ඇත්තක්.., එහෙත්.., මේ බව බොරුවන අවස්තා නැත්තේද නොවේ.

@-නිල් අහස- : ස්තූතියි නිල් අහස..!

@``` Outsider``` : ස්තූතියි ඔබටත්..!

@ Pathum Punchihewa : අවාසනාව කියන්නේ මචං.., මම එහෙම හිතපු කාලයක් තිබුනා. ඒත් අදත් මම හිතන්නේ ඇය නැති උනේ මගේ අවාසනාවට කියලා.., මොකද මම හිතනවිදියට මම හොයාගෙන හිටියේ මට යාලුවෙක්..!

LishWish

@ Randika Sedara : ස්තූතියි..!

@ චමීදේවා : ස්තූතියි සහෝ.., අනේ මචන් උත්තර නොදන්න ප්‍රෂ්ණ අහනකොට මම උත්තර දෙන්නේ කොහොමද..?

@ Anju : ස්තූතියි.

@ විශ්මි : ස්තූතියි සහෝදරී.

@ ආගන්තුකයා : අනිවා.. හමුවෙමු ළඟදිම..! :D

ජීවිතේ මල්

දෙවියනේ... බෝම්බයක් ගැහුවා වගේ හිතට... සත්‍ය වශයෙන්ම කවුරු නමුත් මගේ සිතුවිලි කියවලා මගෙ ජීවිතය කවියක ලියලා වගේ.. හිතා ගන්නවත් බැහැ.. මේ කවිය එතරම්ම මට සමීපයි,,,,

ඔබේ කවිය අගයන්නට වචන නැහැ. සමාජයේ කවුරුත් වඩියෙ වචනෙන් නොකියන, එහෙත් බොහෝ දෙනා හිතේ ගුලි කරන් ඉන්න හැඟීමක් මේක,,,, ජය වේවා!

Rachintha Jayawardhana

මේකට මට හරිහමන් කමෙන්ටුවක් දාන්නවත්, මේකට පබ්ලිසිටියක් දෙන්නවත් මට ඇථි නොහැකියාව ගැන උඹ දන්නවා අයියේ! සිරා!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්