නොබැලුව නොදැකි තැන් ලොවට ම රවන්නේ සැහැල්ලුවකි පිටමැද තනි රකින්නේ ලෝකය එකම තනි යායට පෙනෙන්නේ මායිම් වැට කඩොලු නැත තඹයක තකන්නේ විවිධාකාර තැන තැන කාලය ගෙවනා වෙසෙස් මනුකැලක පහසට ලොබ බඳිනා ගෙල පසුකර වැවි කේසරය නොකපනා එය පිරිමදී සූෆි ගීසර මුමුණමිනා නිතොර අතක රැඳි ඩිජියකි කැමරාය නෙක රැස වර්ණතල හැඩතල ගත්තාය කැපී කෙටී එය බ්ලොගයක දිලුනාය ඒ රූ කලස දැක ලෝදන දෙඩුවාය මල්කෙමියක බමරින්දක නොමැති තැන වැව් ඉවුරක සුර අඟණක ලෙස දකිත අටවා කැමරාව ගෙන රූ කලසක් සොඳට ඒ හැඩ කරයි නිමවෙන තුරු සවස දින දවසක නිමාවක සටහන මෙසේවෙතී සුවදුක් අසනු නෑයෙක් මල්ලෙක් නොමැතී අනාගතය දරුමල්ලන් නොමැතී සකී සෙට දවසත් සැමදින සේ මෙලෙස වෙතී |
5 ක් අදහස් දක්වලා.:
නියමයි මචන්.. මට අතීතෙ මතක් වුණා... ඒ එක්කම රචියවත් මතක් වුණා...
මරු! මටනං මේක දැක්කම හිතුනේ උඹට මොකද මෙහෙම එකක් හදිස්සියේ ලියන්න හිතුනේ කියලා. අනික මට දැන් හිතෙනවා උඹ මගෙන් කැමරාවත් එක්ක ඉන්න ෆොටෝවක් ඉල්ලුවාම දෙන්න එහෙව් එකක් මගේ ලඟ නොතිබීමම හොඳයි කියලා! මට දැණුනම කෑල්ල මේක.
"විවිධාකාර තැන තැන කාලය ගෙවනා
වෙසෙස් මනුකැලක පහසට ලොබ බඳිනා
ගෙල පසුකර වැවි කේසරය නොකපනා
එය පිරිමදී සූෆි ගීසර මුමුණමිනා"
ඒත් ඒකේ සූෆි කියන වචනේ තේරුනේ නෑ! උඹ ඒක මෙතනම පැහැදිලි කරනවනම් හොඳයි!
උඹේ කවි කතාවලට හැමදාම "පට්ට, සිරා, එළ, මරු" කියලම කියලා, අද තමයි ටිකක් දිග කමෙන්ට් එකක් දාන්නේ! ජය!
මටත් මේක කියවද්දි මතක් උනේ අපේ රචියව බං..
නියමයි උඹේ ලියවිල්ලත්!
පොටෝ මහත්තයාගේ කෙරුවාව අපි නෙදන්නවායැ... උඹ ඔහොම නොකීවොත් තමා පුදුම. :)
මැක්සා!!!
Post a Comment