• කවටයාගේ පෙම්වතී •


සුමුදු දෙතොල නැත පහසක - රහමෙර විඳ ගත්ත තී
සිනා කතා කියවා සත - ගත් රුපියල් සත මදී
සිනාසුනද වෙස් මුහුණක - කඳුළු බිව්වා නැති මදී
හඬන ඔහුට හිනැහෙන්නට - සවිය දුන්නේ නුඹද තී

ඇස් ලොකු කර ඔමරි පපා - දෙපිට කැපෙන වදනා
කියවා සත හා සමඟිණ - එකට සිනහසෙනවා
සර්කස් කඩ මුදලාලිගේ - බැල්ම නිතර වදිනා
බව කියන්නේ කොහොමද - ඈ, ඔහු ඉන් දිවි ගෙවනා

කලකට පෙර පෙම් ලෝකයේ - කිරුළු පැළඳි රජු
ඔහු උනාට, රජ මැදුරට - වැටේ රජ කඩොලු
මුදලාලිගේ රුපියල් සත - දුන්නත් දිවි සලූ
හිමි සඳ මම ඉවසන්නේ - හින්දයි නුඹ මතු

පෙම්වත නුඹ අසල ඉන්න - නැත සුදුස්ස මම
ලොවම හිනස්සා මාසෙම - ලැබෙනා සොච්චම
එක වරකින් හාන්සි වී - උපයන අන්දම
ඇසුවොත් නුඹ කෙතරම් - දුක් ගනීද මගේ පණ

5 ක් අදහස් දක්වලා.:

මානවක

කියන්න වචන නෑ.. තාලය ගලායෑම සුපිරියි..

මට මුලින්ම මතක් උනේ අරුමෝසම් වැහි ෆිල්ම් එක ....

samakayawate

පට්ටයි උපරිමයි..... උපයන හැටි දැනගත්තොත් එයින් යැපුණු අයත් දෙස් තියනවා... එදත් එහෙමයි හෙටත් එහෙමයි.

Amila Chathuranga

අහ් කදිම කවියක් වාගෙයි පේන්නෙ..මට විවේකයක් නැහැ නෙව මේවා කියවන්ට..

දේශකයා

බොරු කියන්නේ මක්කටෙයි මට හරියටම තේරුන්නෑ...

Lishan Puwakovitage

ස්තුතියි මානවක, නලීන් අයියා, අමිලයා
දේශකයා : පේස්බුක් මැසේජ් බලපන්..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්