(අ)සරණ

alone

හද රැඳුන හිත බැඳුන අත රැඳුන ස්වර බැඳුම
මුව කැලුම නෙත් බැලුම නතර වුන තැන ම කිම
නුඹ ගැනම හිත දවන රුව තවන දේ ගැනම
කෙසේ නම් අසන්නද ඔබ මගේ බව දැනම

ඔබ ගැනා ලෝදනා පුවතිනා විමසනා
කුමක පවසැයි කියා අස පොලෝ ගැටලනා
එනමුදුනි හිමිසඳුනි ඔබ කොහෙද නොම දැනා
ඔබ ගැනම කාගෙන්ද කොතැනින්ද විමසනා

අසරණා මාසිතට ඔබයි හිමිසඳු වුනේ
විමසනා අයට මා ඔබ ගුණම ගයමිනේ
දරමිනා විවිධ මත රට්ටුබස් අසමිනේ
කලමණා දේ කිමද කියන් මට දෙවියනේ

8 ක් අදහස් දක්වලා.:

දුකා

maaaarai lish .. . . .siraawatama siraaaa. . . .trst me . .. !!!

malee_msg

මේකට මෙලඩි එකක් දාලා සිංදුවක් කරන්න බැරිද??

Anonymous

නියමයි... මට ඒ කවිය නම් හොදට තේරුණා...
නංගි කිව්වා වගේ සිංදුවකට නම් මාරයි වගේ... මොකද ඒක ඒ තරමට සරලයි, සොදුරුයි...

Narada

"මුව කැලුම නෙත් බැලුම නතර වුන තැන කොතැන "

යන කොටසේ කොතැන යන්න කොතැනම හෝ ඒ වගේ කොටසක් දැම්මාම රටාව හැදෙනවා අයියේ.

නියමයි අයියේ, නියමයි කියන්නේ ඇත්තටම මලී කියන ඒකට මම එකඟ වෙනවා!

අවසරද මේ පැඳි පෙළ රූපක් එක්ක බන්දන කරලා සුදූට යවන්නට....?

Rachintha Jayawardhana

නියමයි අයියේ.කියන්න වචන නෑ.දෙන්න ඕන මූණුපොතේ ප්‍රසිද්ධියක්!

දුකා

me yaluwage pc eke "U" ekapaaara wainne na hiks . . .. mage cpmment eke u missing . . . .

LishWish

@දුකා: ස්තූතියි අය්යේ. ඇත්තටම මේ කවියට පොඩි කාලයක් මහන්සි වුනා. ඒක වෙන්න ඇති මෙහෙම ලියැවෙන්නට ඇත්තේ..

@මලී: කරන්න නං පුලුවං ඒත් ගයන්න ගායකයෙක් කැමති වේවිද කියා තමා ගැටලුව. ;)

@පිස්සා: හම්මේ..., යාංතං ඇති පිස්සා මචං ට තේරුණා. කවි සීයක් ලිව්ව වගේ තමා මේ සංතෝසේ... හික් හික්...! :D

@බිංකු: අනේ මලේ කිසිම ගැටලුවක් නෑ. බන්ධන කරලා යවන්න කවිය ඔබේ සදාදර සුදූට.

@මුචලින්ද: බොහෝම ස්තූතියි මල්ලි. උඹට පිං...!

@දුකා: ආහ් ඒකට මොකද...! ;)

ish

ඉතිං ගෑණු ළමයිව මෙහෙම දැනෙනවනම්
කොහොමද පිරිමි ළමයි ගෑණු ළමයිව දාලා යන්නෙ...
හොද ඉවක් තියෙනව නේද ඔයාට...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්