| මම දකිමි නුඹව
එපා හීනය බොඳව යන්නට මනස්කාන්ත ය පුදුමය.
ජීවිතයට කමටහන් දුන් මනස්කාන්ත ය පුදුමය.
පොරොත්තුව ද ඔබය මා සැමදා පෙම් කල මනස්කාන්ත වූ පුදුම වූ…
|
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago
5 ක් අදහස් දක්වලා.:
අපූරුයි ලිෂාන්...! හරිම අපූරුයි....!!!
ඔබට මෙවර වස්තු විෂය වී තිබෙන්නේ නිද්‍රාවේදී ඔබ දුටු සිහිනයක්ද එසේත් නැත්නම් දවල් හීනයක්ද යන්න කවි පිළිබදව වූ අල්ප ඥානය හේතුවෙන් මට නොතේරේ..
එහෙත් සූක්ෂම අයුරින්, ඔබේ අත්දැකීම සහෘදයන් වන අපගේ පොදු අනුභූතියක් බවට පත්කරලීමට, ඔබ ගත්තා වූ ආයාසය පිළිබදව මාගේ ප්‍රශංසාව හිමිවෙයි..
(මම මේක මෙහෙම සීරියස් විදියට ලිව්වේ, 'හරි චෝයි' කියලා ලිව්වම උඹ හිනාවෙන නිසායි.. ඒත් මට ඒ දෙකම එකයි.. හෙ හේ)
මේකට කමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු වුනේ මේ කවිය මම තුන් පාරක් විතර කියවපු නිසා . .. . කියවන හැම පාරකම මට ආවේ පරස්පර අදහස් . . .
"එපා හීනය බොඳව යන්නට
ඔබේ දෑසින් මම දකිනා "
මේක ට නම් කියන්න තියෙන්නේ වෙන කෙනෙක්ගේ දෑසින් හීන බැළුවා ඇති . . . දැං නින්දෙන් ඇහැරියන් . . .
"ඉඩ දෙන්න ජීවය පුදන්නට
නුඹේ ජීවිතය උදෙසාම "
මේකත් කමක් නෑ නමුත් උඹේ ජීවිතය වෙනුවෙන් ජීවිතය පුදන්න සැරසෙන, එසේ කරන කෙනෙක් වෙනුවෙන් . . නැති නම් අපි හැමෝටම වටින උඹේ ජීවිතේ අපරාදේ . . .
ආදරය මනස්කාන්ත ය පුදුමය . . . නමුත් පුදුම වන්නට දෙයක් ද නොමැත කිමද ඒ ආදරය බැවිනි . . . ආදරය එතරම්ම මනස්කාන්තය . . . ආදර වෙනුවෙන් දිවි පිදීමද මනස්කාන්තය එයද පුදුම විය යුතු නැත කිමද ඒ ආදරය යි . . ආදරය එලෙසයි . . .
ඒත් . . . අනේ මන්දා . . .
ජීවිතයට කමටහන් දුන්
ඔබේ ආලය
ඔබේ මුවින් පිටවූ වදනින්
මැවූ ඒ ලොව
සංස්පර්ශ කරවයි මා අනන්තයට ම
මනස්කාන්ත ය පුදුමය.
කතාව හරියට හරි ආදරය අපිව කොහෙන් නවත්තයිද කියල අපිම දන්නෙ නෑ...
ලස්සනයි!
Post a Comment