ස්වප්නය

Moonlit river

වෙසක් මල් පිපි - සිසිල් විල්තෙර
කසුන් හස කැල - ජල කෙලින කල


හද තුලට එන - සිතුම් සුසුම ට
ඉඩනොදී හද - අඬයි ඉකිබිඳ


ලොවෙන් වෙන්වූ - මනෝ රජදන
තුලැති හද - සුරකිම් බලා


ඈත යන - දෙනෙතක් බලාගෙන
හදවතින් බෝ - දුක් වුවා


වළා පෙළතර - මැදින් පැමිනුණු
සොමි කැළුම් - සඳ රැස් ලෙසේ


සතුට උතුරන - දෙනෙත දුටු කල
හද මදක් - සන්සුන් උනේ


නිල් වල්ල ගැබ - තුලිනැවිද ආ
යෞවණිය දුටු - කලක සේ


වේගයෙන් හද - තිබූ ලෙසට ම
නිවී සැනහී - පත් උනේ

0 ක් අදහස් දක්වලා.:

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්