අතීතයෙන් ගඟ ගලා බසී

රතුපස්වල..,

රතු පස්වල
රතුපස් වල
රතු පස් වල
පස් වල රතු
වල රතු පස්
රතු පස්
රතු වල
පස් වල
රතු

...

• පුනර්ජනනීය දේශපාලනය •

[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්‍රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.]

මුලින්ම අසාදාරණයක් වෙනවා
ඒකට කලකිරෙනවා
පස්සේ නැගීසිටින්න හිතනවා
විරුද්ධවාදීන් දකිනවා
උන් පරාජය කරනවා

ජනතාව මේකත් දකිනවා

ඔවුන් සිතනවා
රූප දකිනවා
පුවත් කියවනවා කතා කරනවා
සිවිල් රුව මැවෙනවා
මැවෙනවා නොව තනනවා

ජන මතය ලැබෙනවා
ඔහු උඩට නගිනවා
පළා ලොව දිනනවා
අනාගතේ දකිනවා

ජනතාව මේකත් දකිනවා
සද්ද නැතිවම ඉන්නවා

දෙවියා උඩ ඉන්නවා
ඔහුට මෙය පේනවා
මූ පොරක් යැයි සිතනවා
ඔහුව පස්සෙන් හඹනවා

ඔහුට මෙය දැනෙනවා
දෙවි පහස මැවෙනවා
විඳිනු ආසා කරනවා
දෑත සවිමත් කරනවා

චූටි සවියක් දැනෙනවා
පොර ටෝක් වැඩි කරනවා
ජනයා තලලා පෙළනවා
අසාධාරණ කරනවා

ජාලගත කවිකම

අනේ මටත් යුද්දේ නැතුව පාලුයි අප්පා...

අනේ සාධු
උම්බෑ හඬ දසත ඇසෙනවා
සඟපතිවරු ඉටිපන්දම් වගේ දිලෙනවා
කෙල්ලෝ පැහැරගෙන ගිහිල්ලා
හු**  ( හුඟක් ) මරණවා
සාරු සුනිල් දුමි අයියලා සැපට ඉන්නවා

තරහා බෝයි තරහා බෝයි
අපිටත් පොඩි ඉඩක් දෙන්න
අපි ආසයි පොරක් වෙන්න
රට වෙනුවෙන් දිවි පුදන්න

හසලක මොනවාද කලේ
කොබ්බැකඩුව මොකද කලේ
මට මතකත් නෑනේ අප්පා
හරි පුදුමයි මගේ මතකේ

අනේ සාධු
බොබසේ හඬ දසත ඇසෙනවා
අපි ඔක්කොම හරි සතුටින් බුදුන් වඳිනවා
එක දෙයියෙක් නෑ ලෝකේ
අපි විතරයි ගිනි තනියෙන්
බුදුන් වැඳලා අපි විතරක් සැපට ඉන්නවා

ඒ උනාට මොනවා කලත්
ඒ අය නම් හමුදාවේ
ඒ වගේද මේ උතුමන්
සිවිල් පිට නේ දිවි පිදුවේ

තරහා බෝයි තරහා බෝයි
අපිටත් පොඩි ඉඩක් දෙන්න
පලා බබෙක් වගේ සැපට
හාංසි වී පොර ගහන්න

අනේ සාධු
කවුරුත් නෑ අපෙ අදහස් බෙදාගන්න
අපි විතරක් ඉන්න නිසා
එකෙක් නෑනේ තෙල බෙදන්න
බුදුන් වැඳලා අපි විතරක් සැපට ඉන්නවා
යුද්දේ නැතුව පාලු නිසා අපිට ඇඬෙනවා
:'(

ඉහත ඇති නිසඳැසක්(?) වැනි සටහන රචකයා අතින් ලියැවෙන්නේ, ටික කෙලෙකට ප්‍රථම ගෝ සඟරාවේ පලවන්නට යෙදුන වූ අංකුර නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ අනුග්‍රහයෙන් බිහිවූ "යුද්දේ නැතුව පාලුයි/Bored without war" යන සංකල්පය පාදක කරගනිමිනි. ෆේස්බුක් සහ යූටියුබ් ජාල ප්‍රවාහයන් හරහා උක්ත සංකල්පය පිළිබඳව ඔවුන්ගේ සමාජය පිළිබඳව කියැවීම දැකිය හැකි අතර ඉහත කවිය ඔවුන්ගේ සමාජ කියැවීම දුටු රචකයාගේ මනෝභාවයන් ගේ එකතුවක් විනා අනෙකක් නොවේ.
Return top | ඉහත්තාවට නැවතත්