මවු පියා නොමැති වී
දෙවසක් ම ගෙවූ තැනින්
නික්මෙන්න අවසරයි
අලුත් තිර නිවස වෙත
පිය මිතුරු හැරපියා
ගත ගියද උන් දමා
හද කතා කරනවා
නෙතු තෙමා හඬනවා
ඇඟලු පිළි සලු ඔබා
සිත දැරූ සැමරුම් දමා
වසාගෙන කදමලු බැඳන්
යමි ඉවත ගතින් මම්
නැවත එමි නොම කියම්
දෑත් විහිදා හිඳින
අලුත් අම්මා අසින්
විදී සුවඳක් ලොවට
තොරය මවුවත්කමින්
ළඟ ළඟම ගැබ්බරව
අහස ගුගුරා හැලේනවා
හෙණ වදිනු දැනෙනවා
මට බයත් හිතෙනවා
7 ක් අදහස් දක්වලා.:
හා එහෙනම් ගිහිල්ලා ඒ දෙමව්පියන්ට කීකරුව හිටපන් පොඩි එකෝ :)
ගොරවනා තරමටම
වහින්නෑ පුතුනි
හැම විටම
අදින් පසු කිසිම දින
බිය නොවන් ගිගුරුමට
පැමිණ ඈ මා ළගට
අතගා හිස හෙමිහිට
ළං කරගත්තාය
ඈ වෙතට....
ලස්සන අදහසක්.. නියමයි..
ලස්සන නිර්මාණයක්
අරුත නොදැන
(හොරෙන්)උඩ බිම බලන
වැටහුනා යැයි
ලොවට පෙනෙන්නට
නියම සිතුවිල්ලක් !! යැයි කියන
පොඩි එකා
මම....
ස්තූතියි හැමදෙනාටම
ලස්සනයි
Post a Comment