තනි වූ කලවෙන වයන්නේ
ඒ මතකය ඉවත
ලන්නට ය.
ඉදින්
වීනාව තෑගි කලේ
නුඹ බැවින්
කෙසේ නම් සලාලන්නද
ස්වර හා බැඳුණු
මතකය
මම
කුරුලු සර වින්දේ
නුඹ කියූ අයුරිනි
පොත් රකින්නේ
නුඹ කියූ අයුරිනි
පිරිත් අසන්නේ
එදා නුඹ
ළඟසිටි අයුරිනි
ඉදින් මම තවමත්
ධම්ම චින්තාව
සරණ යමි
මතකය ගෙන අහසට
දස වසකට පෙර
ගියද
මහද කුහර
තුල
නුඹයි දිදුලන
පත්තිනි රුව
සැමදා
අත්තම්මේ