වීණාව, නුඹ හා තනිවූ මම

තනි වූ කල
වෙන වයන්නේ
ඒ මතකය ඉවත
ලන්නට ය.
ඉදින්
වීනාව තෑගි කලේ
නුඹ බැවින්
කෙසේ නම් සලාලන්නද
ස්වර හා බැඳුණු
මතකය
මම

කුරුලු සර වින්දේ
නුඹ කියූ අයුරිනි
පොත් රකින්නේ
නුඹ කියූ අයුරිනි
පිරිත් අසන්නේ
එදා නුඹ
ළඟසිටි අයුරිනි
ඉදින් මම තවමත්
ධම්ම චින්තාව
සරණ යමි

මතකය ගෙන අහසට
දස වසකට පෙර
ගියද
මහද කුහර
තුල
නුඹයි දිදුලන
පත්තිනි රුව
සැමදා
අත්තම්මේ

අකුරු අඩු පෙම් කවිය

1812_no_love_without_love fire copy

එකතු කලෙමි බිඳෙන් බිඳ
ඇඟිළි අස්සෙන් රූරත්දීත්
රැකගන්නට මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

සුවිසල් ගසක මැරුණු කොලයක්
වී සෙවන දේ ඒ හිත මැද
සෙවනැල්ල වී ඇය
මතකය රැක ගනිමි මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

පාවී අන් ගසක සෙවනට
වැටුනත්
නොවේ වෙනසක් හිතේ මගෙනම්
ඒ සිතුවිල්ල රැකගනිමි මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

මතකයෙන් පලිගන්නේ කෙලෙසක

aloneboy_ee3e7ql1

පෙම්බරිය මේ අසාපන්
දුර ගියත් පෙම දමා පසෙකට
ඇහිඳගන්නම් ශේෂ වූ පෙම
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

වෙනත් අතකට තුරුලු වී අද
සන්සුන්ව පිය තබන නුඹ දැක
කෝප නැති පෙම්බරිය නුඹ ගැන
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

හැමදෙයින් මට උරුම තනිකම
විඳිමි එය මුලු හදවතින් මම
දුරට පා කර යවමි මම පෙම
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

ගබ්සා වූ සුරඟන වෙත සෙනෙහසිනි..!

scan_0802

හදට නොතියා
බර අඩි
වායු පා යානයක්
සේ නිතර
වඩින තුරු
මෙලොවට
තුටු මල්
ඉසිමින්
දෙ හදවත්
අතර
එතෙර මෙතෙර
ගිය

නුඹ

නොමැති කල
දැනෙන
වේදනාවට
බෙහෙත්
නොකියා ගියේ
කිම
ආතුර වූ
අප
හිත් වලට
..?

දිලෙන නුඹ හා ළදරු මම

moon

අත පොවන
තරම්
ළඟසිටි
නුඹ
දුරගිය
හෙයින්
මම
හිස පොවා
බැලීමි..,

නුඹ
සඳක් ව
අහසේ දිලේ
තනිවම..!

මම තවමත්
හඳට
පැතුම් පුදන
ළදරුවා වෙමි
කවදාවත්
නොලැබෙන..!

Return top | ඉහත්තාවට නැවතත්