අඳුරු රැයක ඉල් මස

මෙයට හිතවත් ඇඩෝනෙස් | Adonis

බොහෝ අය යන එන
නමුදු කිසිවෙකු නොදකින
තුරු වැලින් සැඟවුණ
ඇප්‍රෝඩයිටී තෙම,

මේ අහන්න..,

උයනට නොඑන කිසිවෙක
ගැනම ලතවන්නේ කීම
නුඹට දෑතක් නැති වුව
වැළඳ ගන්නට බොහෝ විදි ඇත..

හිතන්න මා ගැනම..,

වැළඳ ගන්නට සපිරි දෑතකි
ප්‍රේමයෙන් පිරි සොඳුරු කවියෙකි
කොතෙක් දෙව් ලියන් සිටියද
වැළඳ ගන්නට නොමැති කිසිවෙක..


මෙයට හිතවත්,
ඇඩෝනෙස් | Adonis

කට කපලා තව ෂොට් එකක් උගුරට..


හැම විටෙකම
කියන්නට කතාවක්
මට ඇත

බඳුන වටා රොක් වෙන
මිතුරන් එය අසන්නට 
සැරසෙත..

මගේ දුක කියන්නට
කියන දුක අසන්නට
සවන යොමුකරන'තර 

"අයියේ ගහමු තව අඩියක්"

කියා හැමවිට 
වීදුරුව පුරවන
දුඹුරු වර්ණිත 
පොකුණු දිය මත
ඇසේ කඳුලැලි 
දියව යනවිට
පාලු කපනා 
නුඹ සොයුරු පෙම

ඒක හරි තද බැඳීමක් බං!!! 

කට කපලා තව ෂොට් එකක් 
උගුරට..

~අපරාධය සහ දඬුවම~

සැඟවූණු තැනට යාබද
ගසක් ඇත මහ රූස්ස
අසලින් තබා අසිපත
කුමරු බට ඒ ගඟුලට

දොවා මුව දෝතින්
බලත් කුමරුන් සැකයෙන්
රුපුන් සැඟවී පහර දේදැයි
නොදැන සියොළඟ ගැහෙමින්

මාළිගේ හුරුපුරුදු පෙම් කෙලි
කරමින් සිටියා නම් තුටින්
නැති මෙවැනි බෝ දුක්
නොමනිවැස් වේ මේ රුක්තැන

තන්හා වී කිරුළට
හුරු නොමැති කඩු අතගෙන
ආවාට සටනට
මෙහෙම වී නම් මදි මට

සුලබ කලාතුර

විජිනි පත් සැලෙනා අතුරින්
ඉඳහිට ඇසුන හඬ සතියකට
වරක් දෙවරක්
සිහින් සිනහවක් දෙකක්
fb චැට් එකක් පතුලෙන්

පරණ මතක,
හිස් වූ කොපි කෝප්ප,
ෆෝන් ඕෆ් වෙනතුරු
දඟ කරයි තාමත්
කිසි මහන්සියක් නැතිව ඉඳහිට
Return top | ඉහත්තාවට නැවතත්