කිසිදා නොදු‍ටු ඇයට සෙනෙහසිනි

girl_poem_me

කිසිදා නොලියූ කවියක්
ලීවේ මා නුඹ වෙනුවෙන්
දෙවුලියන් දුන් ඒ තනුව වටකර
අමුණමින් පද සැලෙන මුතු ලෙස

වදන් සයුරේ නවමු  වදනින්
පුරවා රිසිසේ කවියෙ රූ කම්
එවම් ගලපා පුරුදු අකුරින්
ගයාපන් පෙම නුඹේ ස්වරයෙන්

පන්කමින් කල පෙමෙහි පිනකට
දෙ අත් එක්කර නුඹව දුන්නට
පතන්නේ මා ජීවිතේට ම
ඈත් නොකරනු සදාකාලෙට

1 ක් අදහස් දක්වලා.:

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්