| දල්වා නොම පතමි එතෙක් |
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago
9 ක් අදහස් දක්වලා.:
ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා
"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.
සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්රීතිමත් චාරිකාවක්........
http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html
වෙන්ව සිටි මිනිසුන් එක් කාර්යක් උදෙසා
මිනිසුන් පොදියක් කරන්නට ඔහු සමත් උනා
සිංහල බ්ලොග් ඉතිහාසයේ ඔබ විශේෂ චරිතයක්ම වනු ඇති නිතැතින්
ඔබ හිස්අතින් නොව ගියේ මෙලොවින්
ගියේ හදවත් රැසක් ඔබ වෙතට දිනමින්
අලුත් ලොව සොයාපන් විගසින්
හෙට විටෙක අපද එහි එනු ඇත ඔබ මෙන්
"සොයාපන් නව ලොවක්
නවමු සුභ ඇරඹුමක්
එතෙක්
සුභ රාත්රියක් මිත්රයා..!"
හරියට හරි ලිෂාන් අයියා
සුභරාත්රියක්..
මෙක තමයි මම අදහන වචනය
නැවතත් ඔබ අප අතරටම එන තාක් සුභ රාත්රියක් සොයුර !
සුභරාත්රියක්..ඉලං
සුභ රාත්රියක්, මා නොදුටු සොහොරු මිත්රය.
මීටත් වඩා සුවැසි නව ලොවක හිමිදිරියක් දකින්න ලැබේවා කියා පතමි.
ඉලංදාරියාට සුභ රාත්රියක්.... ?
නින්දට ගොහින් නොනැගිට්ට ඔබ
මා දැක ඇත්තේ
සිතින් පමණි . . .
කවුරුවත් ඇහැරවන හඬ
ඇහුණේම නැද්ද?
අහන්න බැහැ හිතුණද?
අපි හැමෝම යන ගමන
ඔබ කලින්ම ගිහින්
නින්දෙන්ම . . . .
නිදන්න . . . ඔබ සුව නින්දක්
හිතුණොත් අවදිව
ආයෙමත් ඇවිත් යන්න එන්න!
සුබ රාත්රියක් අයියෙ
සුබ රාත්රියක්
Post a Comment