තිර ලූ යහනට එපිටින්

jodha


සුසුම් පොදක් පෙරුම් පුරා
සුවැති සඳක් මුදුන් වෙලා
"ඇය"ක ඇවිත් පවන් සලා
ලොවක් සැනින් එකලු කලා

පෙමක් දුරින් පිපෙත් සැනින්
හදක් රිදෙන තැනක් වෙමින්
කලින් පෙමින් දුරස් වෙමින්
දකිත් එපෙම හඬත් වෙසින්

ලියක සලා සෙමෙර පවන්
දැවූ කාම ගිණි නිවමින්
පොවා විතක් සනසවමින්
කියවත් ඈ නුරා වදන්

"සතිය" ගිලෙන තුරු රසඟේ
කෙඳිරුම මා එකලු කලේ
සයනේ පබලුමුතු ගැස්සේ
රහස් කතාවක ඔස්සේ

නිවා ගින්න රාග මතේ
දවටා ඈ ගත සලුවේ
නැඟිට ගොසින් මහමලුවේ
කිම රජ නුඹ කල් මැරුවේ

7 ක් අදහස් දක්වලා.:

SRIshanu

හැඩැති කයිය මරු යැ!

Weni

ප්‍රේමය නම් භාවනාව වඩා රතියෙන් උදම්ව සැනහූ සිත අනිත්‍ය දකින සඳ...
ඇය කොහිද ? ඔබ කොහිද ?

පැණි දොඩම්

තේරුං යන්නත් වෙලා ගියා ඕං

දුකා

"කලින් පෙමින් දුරස් වෙමින්
දකිත් එපෙම හඬත් වෙසින්. . "

මගේ හිතට ගොඩක්ම අල්ලලා ගියේ මේ කොටස තමා . . .

Jay

තුන් පාරක් කියෙව්වා තේරුම් ගන්න...
:D :D

Unknown

මම හිතන්නෙ මට එය තේරුණා

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්