ඕ ෂෙහෙරසාද්..!


තව
එක කතාවක්
කියපන් ෂෙහෙරසාද්
උඹ
කතා 1001ක්
කියනකල්
මම බලා හිටියේ
උඹේ හැකියාව
දිහා නොව
ඔය ලස්සනට
සැලෙන පෙරළෙන
දෙතොල දිහාවෙයි

මා එය
සිප ගත්තොත්
උඹ
මා පසෙකට
විසිකර දමනු
නියතයි

බිම බලපන්
ෂෙහෙරසාද්
මා කඩුව
නුඹ නැඹතුර අස
සෙළවුනොත් ඇනේවි
ඒ නුඹට රිදේවි

අනේ
ඒ නිසා මට
තව එකම එක
කතාවක් කියපන්
ෂෙහෙරසාද්


පහත ලිවීම► 
ෂෙහෙරසාද් යනු අරාබි නිසානන්දය කතා මාලායෙහි එන එකදහස් රැයක් ගෙවමින් නපුරු ෂාරියර් රජතුමන් හට කතා පබඳමින් සිය දිවිය රැකගත් උපායශීලී කුමරියයි. ඒ හැම රැයකම අවසන ඉතිරි දිනයට තම කතාවේ අවසානය තබන්න්ට තරම් ඈ දක්ෂ එකියක් වූවා ය. එක්දහස් එක් වැනි රැය අවසන් වන්නේ රජතුමා කුමරිය පිළිබඳ වූ බැඳීමෙන් ඈ හට ජීවිත දානය ලබාදීමෙනි.

8 ක් අදහස් දක්වලා.:

A.Wickz

හැමදාම උඹේ පෝස්ට්වලට මම කැමතියි.ගොඩක් ඒවගේ අලුතින් හිතන්න දෙයක් තියෙනවා.ජය!

Kavindya

ෂෙහෙරසාද් කියන්නේ අර පුංචි බූතයෙක් එක්ක ඉන්න කුමාරිකාව නේද :D

Sabith
This comment has been removed by the author.
Fantasm

ජීවිතේ බෙරගන්න ෂෙහෙරසාද් කරපු දේ මායාවක් වගේ කියලයි මට හිතෙන්නේ..

වෙනස්ම නිර්මාණයක්
ලස්සනයි !

Randika Sedara

කතාවයි නමයි දෙකම අහල තිබුනට ඒදෙකම එකක් කියලා දැනගත්තෙ දැනුයි.මම හිතුවෙත් අර කාටුන් එකේ ෂෙහෙරසාද් කියලා.

දැන් ඉන්න මෙගාකතා ලියන අය ඔය ෂෙහෙරසාද් ගෙන පැවතගෙන එන අය වෙන්න බැරිද. . . .

Dinesh

ෂෙහෙරසාද් ගැන ඇත්තටම මම ඇහුවේ අද.. ඇත්තටම ඇය උපායෙන් ජීවිතය බේර ගෙන තියෙනවා කියලා තේරෙනවා..

Weni

ඔව් ඒක ඇත්ත...ආශාව නොනිවා පවත්වා ගැනීමේ කලාව දන්නවා නම් ඇය, අද මෙතරම් පිරිමි පිට කොටු යන එකක් නෑ...පිරිමිත් දැනන් ඉන්න ඕනි නවත්තන්නෙ නැතුව නොකඩා කතාව හෙටටත් ගෙනියන්න..ඒක දෙන්නගෙම දැවෙන අවශ්‍යතාවය උනහම..ජීවිතය ගලාගෙන යයි..සමුදුරටම..ආයිමත් වැහි වලාකුලක නැගිලා කන්දක් මතින් යනකොට කඩා ගෙන වැටෙයි වතුර බිඳුවක් වෙලා..ස්වභාව ධර්මයට අවනතව..අවසඟව..නැවතත්...නැවත නැවතත්..
ඕන්න මට හිතිච්ච දේ..ස්තූතියි ගිණි පුපුරකට වියලි කොලයක් ලං කලාට..හැමදාම වගේ...

තිස්ස දොඩන්ගොඩ

මමත් මේ ඇහුවේ මේ කථාව මේකෙන්මයි
පොත පත අඩුවෙන් කියවා තිබීම හේතුව
ස්තූතියි මල්ලි

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්