බාලචන්ද්‍රන්

27 ක් අදහස් දක්වලා.:

රාජ්

සිද්ධිය ගැන දැක්ක හොඳම පෝස්ටුව.

Sumith Niriella

කුරිරු උණ්ඩය
ඒ ළදරු
පපු කුහර
සිදුරු කර අවසන්ය....!

Lahiru Palihawadana

ලස්සනයි.... වෙන දේ උනා....

MR. KING

ලොවෙත්!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

සචී

[මම පාවිච්චි කරන්න අකමැති එකක් වුණත් මෙතන නම් මේ වචනෙ පාවිච්චි නොකරම බෑ] -


පට්ටයි!!!!!!

තරියා

චාටර් සිද්ධියක්...

නාඩියා නාඩිරත්න

කොහොමත් ලංකාවේ හැම වැඩක්ම ඔහොමයි!!

තිසර

මේ මරණෙ ගැන කම්පා වුන, එයට විරෝධී අදහස් ඉදිරිපත් කල සාපේක්ෂ ඉතා සුළු පිරිසක්. බර ගානට පේජ් හිට්ස්, කොමෙන්ට් වැටුනේ මෙය සාධාරණීකරනය කලවුන්ගෙන් කියලා ඔබට නොපෙනීම කනගාටුවට කරුණකි.

ළමයා මැරුණු පසු ඒ ගැන කතා කිරීමෙන් පලක් නැති බවද ඔබ කියන්නේ? ලෝකය යහපත් තැනක් කර ගැනීමේ පලමු පියවර වැරදි දේ වැරදි ලෙස දැකීම කියලා මම හිතන්නේ.

ඔබ ලියූ කවිය ඔබටම අදාල කරගන්නත් පුළුවන් නේද?

Lishan Puwakovitage

හිතවත් තිසර වෙත:
එල්ටීටීඊ මතවාදය පසෙකින් තබා මැරුණ දරුවෙකු පිළිබඳ සිය දුකඛ දෝමනස්සයන් පල කිරීම බාලචන්ද්‍ර වෙනුවෙන් කලා නම් මේ කවිය මේ ආකාරයෙන් ලියැවෙන එකක් නැත.
එහෙත් ත්‍රස්ථවාදය ගැන තවදුරටත් කියාගන්නා ගමන් දරුවාගේ මළ මතකය කරතබා විකුණන වුන්ගැන මාතුල පවතින අපුල මම මේ කවිය තුලින් පලකරන්නට අදහස් කිරීම තුලින් ම මේ පද පෙල ලියැවෙන්නට හේතුවක් වූ බව මම තරව අදහමි.

//මේ මරණෙ ගැන කම්පා වුන, එයට විරෝධී අදහස් ඉදිරිපත් කල සාපේක්ෂ ඉතා සුළු පිරිසක්. බර ගානට පේජ් හිට්ස්, කොමෙන්ට් වැටුනේ මෙය සාධාරණීකරනය කලවුන්ගෙන් කියලා ඔබට නොපෙනීම කනගාටුවට කරුණකි.//

කිසිසේත් කණගාටුවට කරුණක් ලෙස ගිණීමට නොවුවමනා ය.
ලොක ළමාදිනයයේදී දහසින් බැඳි පියලි පුදන දාරක හිතවාදීන් අන් දිනවල පාරේ හිඟාකන දරුවෙකු සිඟමන් යදින කල ඒ දෙස වත් නොබාලා යන අවස්ථා ඕනෑ තරම් දැක ඇත්තෙමි. එමෙන්ම මේ දරුවා ගැන ඔහු මියගිය කාලයේදී එකෙකු අතින්වත් කිසිවක් නොලියවුනේ මක් නිසාද? සමහර විට එසේ ලිවීමම තමන්ගේ ජාතිය ලැබූ ජයග්‍රහණ(?)පිළිබඳ "එඩිය" නැසෙන්නට හේතුවීම ලෙස දකින්නට පුලුවන. කිසිවෙකුට බර ගානට පේජ් හිට්ස්, කොමෙන්ට් වැටීම ගැන මාතුල කිසිඳු අකමැත්තක් නැත.., ඒත් මේ පිලිබඳව ක්‍රියාත්මක විය යුතු අවස්ථාවේදී කියාත්මක නොවුනේ මන්ද යන්න ගැන පමණි. මේ කවිය ලියවීම පිළිබඳව මේ වන විට මා තුල ද ඇත්තේ කල කිරීමකි.
සාධු හේතුවකින් රචනය කලත් නිරුත්සාහකව අවර පසට කැටගරී ගත වීමට සිදුවීම නිසාවෙනි..

//ළමයා මැරුණු පසු ඒ ගැන කතා කිරීමෙන් පලක් නැති බවද ඔබ කියන්නේ? ලෝකය යහපත් තැනක් කර ගැනීමේ පලමු පියවර වැරදි දේ වැරදි ලෙස දැකීම කියලා මම හිතන්නේ.//

බ්ලොග් එකකින් ලෝක යහපත් කරන්නට හැකිනම් කෙතරම් අගේද? ඒත් අවාසනාවට මම මේ ලොව සුන්දර කරන්නට නොවේ මේ බ්ලොගය ලියන්නේ.., තවද, පුද්ගලිකව ඇතුලන්තය එකිනෙකාගේ සුන්දර වූ පසුව නිරුත්සාහකව ම ඒ දේ සිදුවනු ඇති බව තරව අදහමි. තවත් එක කීබෝඩ් වීරයෙකු වන්නට කිසිදු බලාපොරොත්තුවක් නැති.

//ඔබ ලියූ කවිය ඔබටම අදාල කරගන්නත් පුළුවන් නේද?//

සත්තකින් ම. ඒක නේද මම මේ කොමෙන්ටුවක් ඔබ වෙත ලිවීමෙන් කරන්නේ.

ජය පතමි!

Lishan Puwakovitage

රාජ්/ සුමිත් අයියා/ ජීවිතේ සුන්දරයි/ අඩවි රජා/ සචී/ මාතලන්/ තරියා/ නාඩියා වෙත:
සිය අදහස් දැක්වීම ගැන ස්තූතියි.
threaded comment මේ බ්ලොග් ප්‍රකෘතියේ නැති නිසා මෙලෙස පොදු කොමෙන්ටුවක් ලෙස පල කරන්නට වීම ගැන සමාය යදිමි.
සියලු දෙනාට ජය පතමි!

Anonymous

උඹලා තාමත් කමෙන්ට්ස් හිට්ස් එක්ක ඔට්ටු වෙනවද බන්..? අපිනම් කමෙන්ට්ස් හිට්ස් පහු කරගෙන ගොඩක් දුර ඇවිත්. :)

තිසර

සමහරවිට ඔබට කවිය ලියන්න හේතුව ලැබුනේ බ්ලොග් අවකාශයෙන් නොවෙන්න ඇති. නමුත් මට හැඟුනේ බ්ලොග් අවකාශයේ ඒ ගැන ඇතිවූ කතා බහ ආශ්‍රිතව ඔබ කවිය ලිව්ව කියලා. මා දුටු දේ සමග ඔබ ලියා ඇති දේ නොගැලපෙන නිසයි ප්‍රශ්න කලේ. දීර්ඝ පැහැදිලි කිරීමට ස්තූතියි.

Lishan Puwakovitage

මාලන් : වෙන්න ඇති මචන්. එක එක්කෙනා එක එකා දිහා බලන විදිය දකින විදිය වෙනස් නේ. එහෙම වෙන්න ඇති. බ්ලොග් වලින් නිර්වාණ ලබන්න තරම් මම පිං කරලා නැතුවත් ඇති.

තිසර: යම් දෙයක් ගැන තමා තුල සාධාරණ විවේචනයක් තියේ නම් එය නොවළහා පල කරන්නටයි කොමෙන්ට්ස් තීරය තිබෙන්නේ.., මට එසේ කිසිවෙකුගේ අදහස් අවැසි නැති නම් මම මෙහි කොමෙන්ට්ස් වසනවා නොවේද? අදහස් බෙදා ගැනීම තුලින් හුවමාරුවන සහ සන්නිවේදනය වන අදහස් දෙපාර්ශවයේම අනාගත නිර්මාණ වලට රුකුලක් සපයනවා නිසැකයි. තමා දරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටින්නට කිසිදා පැකිලෙන්නට එපා. බුද්ධිමය සංවාදයන් හී තිඹිරිගෙය එතැනයි..! ජය!

මාලන් සහ තිසර වෙත: ඔබ දෙදෙනාටම නිර්මාණශීලී අනාගතයකට ජය පතමි..! :)

කතන්දර Kathandara

/* එමෙන්ම මේ දරුවා ගැන ඔහු මියගිය කාලයේදී එකෙකු අතින්වත් කිසිවක් නොලියවුනේ මක් නිසාද? */

ඇයි බූන්දියේ ගිය උපුල් සේනාධීර ගේ කවිය? හැබැයි එතකොට මුල් ෆොටෝ දෙක එලියට ඇවිත් තිබුණේ නෑ.

http://boondionline.blogspot.com.au/2009/07/blog-post_3367.html

.

uditha

රවුමට යන කොට පහුගිය දේවල් ආපසු හමුවෙනවා-අශෝක හඳගම සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ කිව්වා
එක ඉස්තාලයක් ඇරලා තියල අශ්වයා ගියා කියල හැමෝම මහා දවල් දැක්කා
ඉතින් දැන්වත් අනෙක් ඉස්තාල වහල තියන්න ඕන කියන පාඩම ඒ තුල තියනවා.
අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නෑ හඳගම කිව්වා වගේ රවුමට යනවා. එකම දේ නැවත නැවත යලි සිදුවන එක විතරයි වෙන්නේ
රවුමට යන අය මතක තියාගන්න ආපහු ඒ වෙඩික්කරුවා සහ ඉතිරි උණ්ඩ ඊළඟ වටය කැරකිලා එනකොට තමන්ගේම හරි තමන්ගේ ළමයින්ගේ හරි පපු පසා කරගෙන යන්නත් ඉඩ තියනවා.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

මම හිතන්නේ මේ වැඩේ බ්ලොග් අවකාශය ඇතුල්ට ගෙනාවේ මාරය ,ඒ වැඩේ සාධාරණී කරණය කරලා , ඊට පස්සේ ආවේ උත්තර . හිට්ස් ගන්න කරන වැඩක් කියල චෝදනා කරනවා නම් ඒක හැමෝටම අදාල වෙන්න ඕනි . අර කෙමෙන්ටුවක කියල තියනවනේ යුද්ධේ ඉවර වුනු දවස් වල කථා නොකල බවක් , ඒකට නම් හේතුව සිදුවීම ගැන කිසිවෙකුටත් අදහසක් නොතිබුන එක . අශ්වයා නෙවෙයි අශ්වයො තොගයක්ම පැනල ගිහිල්ලත් ඉස්තාලේ තාම ඇරල කියලයි සැරින් සැරේ එලියට එන ඒවයින් පේන්නේ

Lishan Puwakovitage

කතන්දරකාරයා:
බූන්දි ලියුම් හුය මා විදු ලිපිනයට පැමිණියත් මේ සබැඳිය මා කියවලා තිබුණේ නෑ.., ස්තූතියි ඔබට.

උදිත සහ බුවාගේ සිතුවිලි වෙත :
ඔව් මචන්ලා අපි ඔක්කොම අසාර්ථක ගොපල්ලෝ වෙන්න ඇති.., ඒක තමා මෙහෙම අස්සයෝ රෑන් පිටින් යද්දිත් ඉස්තාල ඇරලා තියෙන්නේ..,

දුකා

බාලචන්ද්‍රන් මරපු එක සාධාරණයි කියපු උන්ගේ ඒ මතයට විරුද්ධව කතා කරන එක හිට්ස් ගන්න කරන ප්‍රෝඩාවක් මිසක් වෙන කිසිම දෙයක් නෙමේ කියලා නම් උඹ කියන්න හදන්නේ මල්ලී . .

මට කියන්න තියෙන්නේ මට උඹ ගැනත් කනගාටුයි කියලා විතරයි . . .

Lishan Puwakovitage

දුකා:
//බාලචන්ද්‍රන් මරපු එක සාධාරණයි කියපු උන්ගේ ඒ මතයට විරුද්ධව කතා කරන එක හිට්ස් ගන්න කරන ප්‍රෝඩාවක් මිසක් වෙන කිසිම දෙයක් නෙමේ කියලා නම් උඹ කියන්න හදන්නේ මල්ලී..//

ඒ කියන්නේ උඹට කවිය තේරුණේ නැද්ද?

//මට කියන්න තියෙන්නේ මට උඹ ගැනත් කනගාටුයි කියලා විතරයි...//

මං ගැන කණගාටු හිතන්න කලින් හරියට කවිය කියවපන්. උඹ හැමදාම බලන්නේ ඇඟිල්ලෙන් හඳ පෙන්නුවාම, හඳ පෙන්නන ඇඟිල්ල දිහා මිසක් හඳ දිහා නෙවෙයි.
අනේ මන්දා!!

දුකා

පේජ් හිට්ස් ස්නානය කරති
දාරක ප්‍රේමය වගුරවති
කිව්වම නිකම් ඒ වෙනුවෙන් කතා කරපු උන් ඒවා පේජ් හිට්ස් බලාගෙන කලා වගේ හිතෙන විදිහටනේ උඹ ලියලා තියෙන්නේ . .

අන්තිමට ලියපු එක නිසා ඔන්න උඹ ෆ්‍රී . . :D

දුකා

ඔය කවි කියන එක හැමෝටම එක විදිහට තේරුම් ගන්න බෑනේ බන් . .

හා එහෙනම් සිංහලෙන් කියපන් උඹ පෙන්නන්න හදන හඳ මොකද්ද කියලා . .

Indranama

බාලචන්ද්‍රන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “ඇයි මේකා මැරුනාම විතරක් ඒ ගැන කියවන්නේ? බෝම්බ පුපුරලා අහිංසක මිනිස්සු මැරුණාම ඇයි කතා කලේ නැත්තේ, කවි ලිව්වේ නැත්තේ? ඇයි මේ කොටි පැටියා ගැන විතරක් දුක?“ කියන එක.

මං හිතන්නෑ එක මිනිහෙක්වත් බෝම්බ වලින් අහිංසක සිවිල් මිනිස්සු මැරෙනකොට අහක බලං ඉඳලා බාලචන්ද්‍රන් වෙනුවෙන් විතරක් කතා කරන කට ඇරියා කියලා. සිද්ධ වුනේ ඔය කියන කාලේ මේ සිංහල බ්ලොග් වත්, ෆේස්බුක්වත් මුකුත් නොතිබීම. යුද්ධය සැරට යන කාලේ විතරක් නෙමේ යුද්ධය අවසන් වෙන කාලේ පවා සිංහලෙන් බ්ලොග් ලිව්වේ සීමිත පිරිසක්. ඒ කාලේ ෆේස්බුක් එක බොහොම සීමිත පහසුකම් තිබ්බ තැනක් මිසක් අද වගේ කටකමිසිරියාවක් නැතිව දොඩවන්න Pages තිබ්බ තැනක් නෙමෙයි. අදහස් ප්‍රසිද්ධ කරන්න තිබ්බ එකම තැන පත්තර. ඒවට ලියන්න පුලුවන්කම තිබ්බ අය ඒ ගැන කතා කලා පිටු ගණන්.

Lishan Puwakovitage

ඉන්ද්‍රනාම:
ඔව් ඇත්ත ඒ කාලේ අදහස් දක්වන්න තියෙන ඉඩකඩ ඌණයි. ඉතින් මිනිස්සුන්ට සිය අදහස් කියාගන්න ඉඩ ලැබුනේ එකිනෙකා හා සංවාදයේ යෙදීමෙන් පමණයි. කාලය වෙනස් උනා අලුත් ක්‍රම වේද ආවා මිනිස්සුන්ට තමන් දරන මතය පවසන්නට ඉඩ ලැබුනා.., අපි නිදහසේ මෙහෙම ලියන මේ අකුරුත් එහි එක අතුරු ප්‍රථිපලයක් කියලත් කියන්ට පුලුවන් නේද?

හෂිත

ඉර,
සැරට පායාපු වැරැද්දට ..
මරණයත් පෙනි පෙනී
ඉස්කෝතු කෑවාද
බාල වයසින්
මැරුණු
බාලසඳ ....

Unknown

-බාලචන්ද්‍ර-
ඉද හිටල
පායාවි
ජීනීවා ආකාසේ

Unknown

යුද්ධ ඇතිවීම වැලැක්විය හැකි නම්...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්