වඩත් සලුපිලි යෙහෙන් මවුපස

leelawathi-4-blog-dsc_0147

කලු වූ කරගැට පිරුණු දෑතින්
අනුන් ලූ පිලි දොවන්නී
‍රැඳුණු ඩා දිය අතින් පිසිමින්
කිලූට ධවලට රවන්නී

වැහැරි නෙත් වල මවා මහමෙර
අහිමි මොක්පුර දකින්නී
කැඳ පෙවූ පිළි තබා එක පෙළ
හිමි පඬුරු කඳ මවන්නී

කරවා සලුපිලි සදා සුවඳින්
ලැබෙන තුරු තු‍ටු පඬුරු ඈ හට
සිටිත් රජ කුල පා පෙළක් අස
නොමැත අවසර නගන්නට පිය

නොගැලපුනු කුල දෙකක හැඩතල
වියලි දෙනෙතින් වින්ද මුත් ඇය
නොමැත පාවඩ නැත වියන් පෙළ
යන කලට ඈ විඳිනු මොක්සුව

ජීවිතය

black_white_life__by_gnato

ඇත්තේ යෑම් ඒම් ය
නැවතීම් උගහට

නැත මෝක්ෂය..,
ආදරය පරහට

තෘෂ්ණාව හරහා පෙරාලන
දියරයක් සේ
ආලය සියලු
සාධක සුසර
කරවයි

ඉදින්
ස්වාධීන [?]
ආත්මයක් කොයින්ද
සීතම්බර යදම් ලූ
වහල් ආත්මයක
මිස

පූර්ව ස්වරය ලොප් වූ සඳ

heart2

මට පෙනෙන්න
වරල වනන
නුඹ
දිහා බලල
හිනා පාන මම
දැකලා
රවා බලන
නුඹ..,

පිපිච්ච ගමන්
පරවුනු මගේ
හිත
පහුරන්නේ
ලේ එන්නම ද?
(නම් නොදන්නා පොතක කොටසක්)

ප.ලි►
කවදා හරි
මගේ ලේ මතකේ
උඹේ පපුව අස්සේ
පැලවෙලා
මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම
දැනේවි වෙනස
මහමෙරකට

එතකං අපි තනියම

online රමණය

free-webcam-chat-11

පිරවීමි පෝරමය
හඳුන්පොත කී ගායි
තවත් ඉවසමි
name, age, sex, ආදී
නෙක කොටස්

පසෙකින් ඇයි සිටියි
හදවත කිති කවයි
ඇඹරෙන නැවෙන ඈ
කොඳුරණුයේ මට ම දැයි
සිතෙයි දැන් දැන්

සිහියද අහකය
හිතෙන් පැණි පෙරේ
එබිමි “►” බොත්තම
ඈ මගේ මය.., රඟන්නේ
මට ම ය..,

එකවර ම…,

Dear Sir / Madam.,
Please.., verify your Credit Card to Continue the Show….

මේ මොන %$#@%$ක් ද මේ ...?

ස්තුතියි

Untitled-1

සබඳ,
යා නොවී එහි දුර ගෙවා
තැවේ තවමත් සිත තුලින්
යා නොවූ දුකත්
දිනූ අභිමනත්
ගැටී විසිරී
සැමතැන
.

සම්මානයක බර
අතට තව නොදැනෙනමුත්
හිතට බොහොම බර වැඩිවූ කලෙක
තුති පුදමි
උඹට, නුඹට සහ ඔය ඔතන ඉන්න උඹටත්
කියවූවාට මේ දැහැන
!

Return top | ඉහත්තාවට නැවතත්