(කිඹුල්) කඳුලු

ශීතල
ගං දියෙහි
නිදහසේ පිහිනනා
මස්ටකයින් දැක

කියමින් දුක්වෙති
කොකුන්
අනේ ඒ සීතලේ ගැහෙනා
මසුන්

පොරොත්තු පාත්තිය


ඉසෙන තුරු
දිය පොද
නොඉවසිල්ලෙන් සැලේ
මිලාන වූ
සිතිවිලි පැල

නැගෙන්නට පළමුව
හිමිදිරියේ
පළමු ළා දල්ල,
අළු මතින් උට්ඨාන වූ
ෆීනික්ස් ලෙද

ටික්කා

මුව නැතුවට කතා කලේ
හද නුඹ හට තද පේමේ
කාඩ් මාක් කරන කොනේ
ටික්කා මමයි රොටරි වලේ

පෙම්වත් බස් කර සතොසින්
කොටුව කපා දෙන විගසින්
සලා නෙතින් මුදු බැල්මන්
ඈ යනවිට මම හොල්මන්

උසස් පෙළට කොටු කැපුවට
නෑ කවදත් කොටු පැන්නේ
හිත මගේ ය අහිංසක ය
නැත කවදත් පැනි පෙරුවේ

හැම දෙනාම උගෙන සමත්
වී කැම්පස් වෙතට යතත්
කිසිවෙක් නෑ මා ගැන සිහි
කොනකට වී කාඩ් කපත්

ඕයි??

ලයික් පොකුරක් හිඟා කන්නට
කොමෙන්ට් වපුරා පසිඳු වන්නට
දෙතුන් පොලකම ශෙයා වෙන්නට
ලියුවා කවියක් බිතක තදකර

ඇයත් මා දෙස පෙමින් බැලුවට
මගේ ආදරේ නිහඬ වූ වීට
හිත වටේ පියවරම මැන්නට
කියෙව්වේ නැහැ බිතේ කවිපෙළ

ඇය ඇරෙන්නට පොතට යන එන
සැවොම කියවති අහෝ කවි පෙළ
කියන කිසිවක් නොතේරෙන ලෙස
ඉන්නේ වැනි වැනි කුමන කරුමෙද

මතක මංඩි


වසර ගණනක කතාබහ, 
මාවත් දෙපස කෝපි කෝප්ප
ගණනාවක් ගොඩ ගසා ඇති අයුර 
ගණනකට නොගෙන 
ඇවිද යන හැටි 
මතකයන් රැගෙන වෙන වෙනම 
මං මාවත්වල
Return top | ඉහත්තාවට නැවතත්