උණුසුම් හිම බෝල

මතක් වී සිත
කීරි ගැසෙතැයි
බියෙන්
ශීතලට ගුලිවෙමි,
ශිශිරයට නතුවෙමි.

Lamentation of Graphic Designer

ඕ,
කොතරම් තැත් කලත්
ෆයිනලයිස් නොවෙන,
ලේඅවුට්ටුව,

ක්ලයන්ටුවා
වරක් බැලූ සැනින්
වෙනස්කම් කෝටියක්
ඉපදී මා වෙත
දිවා රෑ
වෙනසක් නැතිව
ඊමේල් වෙන.

මටම මෙහෙම
වන්නට මා තීට කල
වරද කීම...?

කොහිල කටු

එම්බා හෘදය,
තට කුමක් වී ද?
සඳ පෙන්වා වැණුම් කරනා කල
එදෙස පෙන්වූ නිය තුඩට
සහසක් ඇනුම්පද කියන

බෝධිසත්ව ගුණෝපේත

මේ පාර අපිමයි දිනන්නේ
පෝස්ටර් ගැහුවා, බැනර් ප්‍රින්ට් කෙරුවා
පත්‍රිකා බෙදුවා දන්නා අයට කීවා

හම්බ කල සේසතම, වාහේගේ රන් මාල
උකස් කරලා මුදල් අරගෙන
මිනිස්සුන් හට දුන්නා, පන්සලට මං පිදුවා

බෝධිසත්ව ගුනොපේත මේ මහත්මයා හින්දා
අමුතු සුන්දර එළියකින් මේ පන්සලම අද දිලුනා
හාමුදුරුවෝ දෙසුවා, සාදු සාදු කිව්වා
චන්ද ඇති බව දැනුනා

ලස්ස ගානක පෝස්ටර් - උපාසක ඇත්තන්ට සිල්රෙදි
ගෙවල් වලට ඔරලෝසු - කොල්ලන්ට ටීසර්ට්
කෙල්ලන්ට චන්ගුමී කටු - ඔක්කොටම මං බෙදුවා
චන්දෙ දෙනවැයි කිව්වා

මේ සැරේ නම් බයක් නැහැ මට - බත් පැකට් විසිදාහක් බෙදා ඇත
ලිස්ටෙකේ මම ඉන්නේ ඉහලම - සීට් එක නම් සුවර් මේ වර
හදවතත් මට කිව්වා - හීන අලුතින් දැක්කා

චන්දෙ දවසේ චන්ද පොලටම - පක්සේ පාටට කමිස ඇඳගෙන
උඩට ඔසවා කොලේ පෙන්වා - පෙට්ටියට මනාපේ එබුවා
වටේ උන් ජයවේ කිව්වා

ප්‍රතිපලේ ආවා
හාත්පස අඳුරු වුවා
රතිඥ්ඥා හඬක් නැතුවා
හිත තද කරන ප්‍රතිපලේ බැලුවා
අවසානයේ නමට අයිති නොම්මරේ ළඟ
චන්ද ගානත් පෙනුනා.
පවුල විතරක් මොකුත් නොලැබම
කතිරේ ගහලා තිබුනා..

චිත්තලෝපය

වැළපෙනා ඒ සිත මත
සිහින් ස්වරයක් සැඟවී ඇත
උගුරට හැලූ මීවිත
සුවඳ වියැකී ගොස් නැත

පුරා රෑය ගණන් මත
වරා නිදි ධවල ස්වප්නය දැක
සැනින් ඇහැරුණු විට
ඔබ නොමැත සිතුවිලි අස

දුවයි විස සිතුවිලි තුල
මවයි බියකරු සිහිනය
වෙන්වී යන්න බැරි සඳ
විඳවනා හැර අන් කීම
Return top | ඉහත්තාවට නැවතත්