• සුවඳ •

මට තුරුල් වී
කඩා ඉහිරවූ
ඇගේ කෙහෙරැළි අතර
ඔහුගේ සුවඳ තැවරී ඇතැයි
මට සිතේ..,

ඈ සිපගන්නා
වාරයක් වාරයක් පාසා
ඔහු සුවඳ එන නිසාම
ඒ දරනු බැරිව
ඈ කණට කර මෙසේ කොඳුරමි..!!

"දුවට තියෙන්නේ අම්මගේ සුවඳ නෙවෙයි තාත්තගේ සුවඳ"

කඳුලැලි සැලේ
ප්‍රේමය මැරී සෙනේහය
උප්පත්ති ලබන්නේ මෙතැනින් යැයි
සිතේ..!

•අවසාන තීරණේ | Last Judgement•

හැමෝම කියයි උඹට
"දුප්පත් ඒ සුපිණ කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට"
කියලා,

සොරි මචන්
අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ
"මැනේජරුත් එහෙම කිව්වා"
කියන එක 
විතරයි

අතීතයෙන් ගඟ ගලා බසී

රතුපස්වල..,

රතු පස්වල
රතුපස් වල
රතු පස් වල
පස් වල රතු
වල රතු පස්
රතු පස්
රතු වල
පස් වල
රතු

...

• පුනර්ජනනීය දේශපාලනය •

[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්‍රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.]

මුලින්ම අසාදාරණයක් වෙනවා
ඒකට කලකිරෙනවා
පස්සේ නැගීසිටින්න හිතනවා
විරුද්ධවාදීන් දකිනවා
උන් පරාජය කරනවා

ජනතාව මේකත් දකිනවා

ඔවුන් සිතනවා
රූප දකිනවා
පුවත් කියවනවා කතා කරනවා
සිවිල් රුව මැවෙනවා
මැවෙනවා නොව තනනවා

ජන මතය ලැබෙනවා
ඔහු උඩට නගිනවා
පළා ලොව දිනනවා
අනාගතේ දකිනවා

ජනතාව මේකත් දකිනවා
සද්ද නැතිවම ඉන්නවා

දෙවියා උඩ ඉන්නවා
ඔහුට මෙය පේනවා
මූ පොරක් යැයි සිතනවා
ඔහුව පස්සෙන් හඹනවා

ඔහුට මෙය දැනෙනවා
දෙවි පහස මැවෙනවා
විඳිනු ආසා කරනවා
දෑත සවිමත් කරනවා

චූටි සවියක් දැනෙනවා
පොර ටෝක් වැඩි කරනවා
ජනයා තලලා පෙළනවා
අසාධාරණ කරනවා
Return top | ඉහත්තාවට නැවතත්