වැඩුණු අඹ ගස මුල සිටිත්දී අතීතය මතකෙට නඟා පුංචි පුතෙකුගේ හිසක් පිරිමැද මවක් සිටි එහි ඇන තියා
පුතුගේ සුරතල් බසින් තුටු වූ සිනහලයි මවු හඬ නඟා දෑත් සලමින් කියාලයි පුතු කතාවක් සිනහා පපා
අනේ ඇත්තද, හරිම පුදුමය මවුන් දිරිගන්වති පුතා දිවෙහි පැටලුණු වදන් ගන්න ට පුතු ව දිරිගන්වමි සිතා
පංච විසි වසකට ඉහත වූ සිද්ධියක් මතකෙට නඟා මවුන් සිටි පුතු හා පුරුදු ලෙස කතාවෙන් අඹ ගස දිහා
එදා අද වෙනතුරුත් මා හා අම්මා කී කොතෙකුත් කතා කියයි තවමත් මා ළඟට ගෙන තවම සවසට දිනපතා |