කදිරවේලු වෙත සෙනෙහසිනි

matri

කදිරවේලු ඈත බලන
සලුව යටින් ඇස් දකින්න
බිම බරවී හද පිරිමැද
පෙම් කැල්මෙන් සනහාලන්න

කදිරවේලු ඈත බලන
හිත් පෙම්මල් පුබුදුවන්න
හෙළ කුල කත සරණට ගෙන
කෝවිල් බාරය ගෙවන්න

කදිරවේලු ඈත බලන
සිනිඳු වරලේ සුව විඳින්න
ඒ දවසට නුඹට හැකිද
පිච්ච මලින් ඈ වසන්න

බුදුරදුන්ට මල් පුද දෙන
ඒ අත් දෙක භාරගන්න
බමුණු කුලේ නුඹ සතුටුද
තැල්ල ඇගේ ගෙල බඳින්න

කදිරවේලු ඈත බලන
හදෙන් යලිදු අසාපන්න
රන්වැලියට ශිවදෙවොලට
එකට හැකිද මල් පුදන්න

8 ක් අදහස් දක්වලා.:

චමිදේවා

වාව්...
ලස්සණයි ලිශ් මේක....

ඉලංදාරියා

හරිම් අලසනයි..හේ..

Jay

මේක ගැන නම් කියන්න වචන නෑ මට..
superb..!!!

Pathum Punchihewa

උඹ, මම දැකලා තියෙන හිතිවිලි වලට බය නොවෙන කවියෙක් බව කියන්න මම පැකිලෙන්නේ නැහැ...

DawsonP

ලස්සන ම ලස්සන කවියක්... අපූරු අදහසක්...




තෙතබරිත වචන...

දයියා

හරිම ලස්සනයි. කපුගේගෙ දිවුල්ගෙ ගීත කීපයකුත් මතක් උනා.ගොඩක් කාලෙකට පස්සෙ හිතට දැනෙන දෙයක් කියෙව්වා.

LishWish

වාසල► ස්තූතියි මචන්

ඉලංදාරියා► තුති තුති

මුචා► එල එල

Ansh► ස්තූතියි මචන්

පැතුම්► ඒ ක්‍රෙඩිට් එක මට හොඩක් වටිනවා..!

Hermitian► ස්තූතියි මචන්..!

දයියා► ඔව් ඒක හරි කපුගේ, දිවුල්ගේ වගේම අමරසිරිගේ ගීත කීපේකුත් තියෙනවා මේ මාතෘකාවට ම.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්