සිහිනයකට පෙම් බැඳ

Love

සිහිනද නිදන මහ රැයක
නිදයි
ප්‍රේමය
සිතුවිල්ලකට තුරුලුව
මතක් වී ඇය
වැළඳ ගන්නට තැනුවද
නැත ඇය
හද සයනය තුල
හීනයක අතගෙන
ගොසින් යලි නොඑන්නම

කුටුම්බය රකිනට
කෙළක් දැරුමුත් වෙර
මා මත වැටී ඒ
අදිසි නිද්‍රාව
එළිලන විට සිහිනය
ඇය....
නොඑන්නට ගොසින්
සිහිනයකට පෙම් බැඳ

ප්‍රේමය කිමැයි මේ
නපුරුකම් මා හට
මලවි දුනු ඇද
වැරෙන් විද්ද ද
දෙවසකට පෙර
වැදී ඇත්තේ
රකුසු සිහිනයකට
මට නොව

තනිකම හිත ළඟට
තියා මා තනියට
නොඑන්නට ගොසින් ඇය
සිහිනයක අතගෙන

3 ක් අදහස් දක්වලා.:

ඉලංදාරියා

ඈතටම ලස්සනයි සහෝ..

Anonymous

සිහිනය සිහිනයක් ම වූ සද
හෙටක් ගැන වගක් ඇද්ද ??

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්