අනපේක්ෂිත

monk_alone

පාත්‍රය මා අස
ගඟ ගලයි පහලට
උඩුගමට යන්නට
පැතුම් මා පැතුවට

චීවරට පෙර කල
නිමක් නැති පවුකඳ
සේදෙයිද වැන්දට
කැලණියේ වෙහෙරට

පාත්‍රය මග තබා
පැන්නමුදු දියඹට
නොගියේ ඇයි උඩහට
ගිලීයයි පහලට

5 ක් අදහස් දක්වලා.:

hare :-)

සංකේත දාගෙන
ජීවිතේ අල කරගෙන
දිය‍ඹේ ගසාගෙන
යයි සහස් දන කිසිත් නොමදැන

ඉතිහාසය සිතින්
අතුගා දමා වෙහෙසින්
සිට ගනින් දෙපයින්
මහ පොළෝ තල මතින්

පිස්සා පලාමල්ල

උබ කියන්න හදන දේ මට තේරුනේ නැද්ද මන්ද...

Randika Sedara

කල පව් වැඩියි වැන්දද කෙතරම් පෙරැලී
ඉනුනොහැකියි කල වැඩ ගැන හිතින් තැවී
දෙපයින් සිට ගන්ට ඇතිබැව් පමාවී
මේ සැපතකි ගග පහලට ගිලී මැරී . . .

Observer

ඉතින් මොකේදැය් දන් වළඳන්නේ..?

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්