මෙව්වා එකට පසු AKA අයං වස්සාන කාලෝ

මේ නිහඬ බව
අකුනු සහිත වැස්සක
පෙරනිමිත්තක් වුවත්
මම ඒ අකුණු ගැසීම් අතර වන
ක්ශුද්‍ර විවේකයන්ට
පෙම් කරමි

සැන්දෑ භාගයේ හෝ
රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන නුඹේ
ගිගුරුම් ගෙරවුම් වලින් පසු
විටින් විට ඇතිවන කුඩා වැසි
සමඟ උපදින
ප්‍රේමෝස්මූර්ථියෙන් පසු
උදාවන නිහඬ බව
මට
දාහෙන් සම්පතක
නිවනක් වන හෙයිනි.

සුසුම් වැල් ගලායයි
හෙටත් මේ වේලාවට ම, මේ සයනයේ
නාරිලතා මල් පූදින නිසා
මේ අලුයම;
නිදන්නට සුදුසුම වේලාවයි.
 
 
පසු ලියමන : වැසි කාලයන්හී ළිං වලින් ස්නානය ප්‍රතිශ්‍යාවන් ඇතිකරයි, නොපමාව වැසි ආවරණ භාවිතා කරන්න. 

ශාපලත් දේශයක වෙණ සරින් මත්වී

ගගන (අ)හිමි බාල සඳ


පහත ලිවීමඇඟිල්ල දිගු කර සඳ පෙන්නූ විට සඳ පෙන්නු ඇඟිල්ල දෙස බලා විනිශ්චයන්ට යොමුවීමට වඩා ඇඟිල්ල දිගු කල සඳ දෙස බලා තීරණයන්ට එළැඹීම මේ අනිසි සටහන් කියවන ඔබට භාරය..!

අසම්පූර්ණ කවියක්

මං ඔයාගෙ
වටේ යනකොට
මට පෙන්නේ
ඔයා මගේ
වටේ යනවා
වගේ

බලන කොට
අපි දෙන්නම
වටේ ගිහින්
විතරයි

ලොකු අම්මා


බුදුන් පිටදුන් ඇසතු ගස අස
බැතින් මුදුනත් බඳින්නී
බුදුන් ගුණ කියවමින් ඇතුළින්
සිතෙන් සිල් පද කියන්නී

හඬ නඟා සිල් පද කියන්නට
නොහැකි බව හද දරන්නී
දුකින් පීඩිත හදක් පුපුරා
කඳුළු ගංගා ගලන්නී

කිනම් දවසක දෑත් එක්කොට
සිල් පද කියන්නද සිතන්නී
නිහඬ බව හද පාරවන සැත
ගොලු මුවේ වැට බිඳින්නී

පසු සටහන
ලොකු අම්මා කොහේ සිට ජයසිරිමා බෝධි වන්දනාවට පැමිණෙනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. හදිසියේ වෙනත් පුද්ගලික කටයුත්තකට අනුරාධපුරයට ගිය අවස්ථාවේදී, මලක් පහනක් පූජ කරන්නටැයි සිතා ශ්‍රී මහා බෝධියටත් ඉන් මඳ දුරකින් පිහිටි රන් වැලි මහසෑය වන්දනා කරන්නට මමත් මගේ පවුලේ උදවියත් ගිය මොහොතේදී මේ අපූරු උවැසිය දකින්නට ලැබුණි, ඕ කෘෂ ය. ඕ වියපත් ය. එ මතු නොව ඕ උපතින් ම මුක ඇත්තියෙකි.
යකඩ කටෙන් ඇසෙනා ධම්ම පද සවනත වැකෙතත් හඬ නඟා ගාථා කියන්නට නොහැකි වීමේ සොව ඈ පල කරන්නේ මහ හඬින් කෑ ගසා හැඬීමෙනි. බුදුන් පිට දුන් ඇසතු රුක දෙස යොමා සිය නෙත් පතන්නේ ඈ, මේ විපරිත මුක භවය ඈගේ අවසාන භවය වන්නට දැයි දන්නේ ඈ මිස අන් කවුරුන්ද..?
මේ ලියැවි කවි(?) පද අකුරු වන්නේ ඈ පිළිබඳ වූ සෝ බර මතකයෙනි. 
Return top | ඉහත්තාවට නැවතත්