ගබ්සා වූ සුරඟන වෙත සෙනෙහසිනි..!

scan_0802

හදට නොතියා
බර අඩි
වායු පා යානයක්
සේ නිතර
වඩින තුරු
මෙලොවට
තුටු මල්
ඉසිමින්
දෙ හදවත්
අතර
එතෙර මෙතෙර
ගිය

නුඹ

නොමැති කල
දැනෙන
වේදනාවට
බෙහෙත්
නොකියා ගියේ
කිම
ආතුර වූ
අප
හිත් වලට
..?

දිලෙන නුඹ හා ළදරු මම

moon

අත පොවන
තරම්
ළඟසිටි
නුඹ
දුරගිය
හෙයින්
මම
හිස පොවා
බැලීමි..,

නුඹ
සඳක් ව
අහසේ දිලේ
තනිවම..!

මම තවමත්
හඳට
පැතුම් පුදන
ළදරුවා වෙමි
කවදාවත්
නොලැබෙන..!

(අ) කිකරු අකුරු

1

සඳ සෙවනැලි

moon-reflection-wallpaper-b%26w-w7!xl@

හඳට
පෙම් කරන
දිය කැඩපත

මම ද හඳට
පෙම් කරමි
දෑත් දිගුකර
හිමි කරගන්න බැරි සඳ
දිය කැඩපතට
නැමුණු විට මම
බොඳ කලේ ඇයි
මා සිත්සඳ

තාමත් ආදරෙයි
සඳට මම

මුකුලිත පෙම

lishkavi b

Return top | ඉහත්තාවට නැවතත්