"සාපේක්ෂ" ප්‍රමාණය

මේ..
ම්ම්...?
ඔය ඕක දෙන්න
බෑ මට ඒක ඕනේ
ඕක මට දීලා
මේක අතනින් තියාගන්න
බෑ ඒක
ලොකු වැඩියි
ඒ කියන්නේ ඔයාට
මේක එපා...?

නෑ...
එපා නෙවී
මේක මට ලොකු වැඩියි..,
හරි කමක් නෑ
මට ඕක පෙන්නන්නමේකයි
මගේ එක ලොකු නිසා තමා
ඔයාගේ එකට ගැලපෙන්නේ
මේ තරමට හරි..,
හරි තාම මට
ඔයාගේ එක පෙන්නුවේ නෑනේ

අහ්
ආ...ආ... මෙන්න

දෙවියනේ
මේක තමා මෙච්චර කාලෙකට
මම දැකපු
ලොකුම
හදවත

වෙණ(න) නද

ඈ මතකයෙන් උන්මන්තක ව
හිත මිහිරි වෙන කල
ගලයි මී වෙන නද
ගලත් මී වෙණ නද

වියෝගය පැමිණි කරුමෙට
දුකට හද සුසර වූ කල
එකලට මිහිරි වෙන නද
එකලට මිහිරි වෙණ නද

වෙන බසක රැසකට
වෙණ නදට වෙර බැන්දට
අතීත වෙණ නද රම්‍යය
අතීත වෙන නද අපුලය

නවක නිළියගේ පාපෝච්චාරණය


අධ්‍යක්ෂ තුමනි,
සලුපිලි උනා ලන්නට
අණ දුන්නත් නැත්ත්
මම හිටියේ
ගලවන්නමයි..,
බලකරනවට වඩා හොඳයි නේ
මම කොරන එක

ඒත් ඇයි පුදුම වෙලා..?
අමතකද..?
ක්ලෝසප් ගන්න
දුන්නොත් සිනමාවට ගන්නවැයි
කීව වග..?

අප්පච්චී අපිව හැදුවේ
ලැජ්ජ බයට උනත්
රූපේ ලස්සන නිසා
ගලවෙන්න බැරිවුනා නේ
වල් වහතු ඇස් වලින්..,
පඳුරක් පඳුර ගානේ
තලන්නට ගත්තට පස්සේ
තව රකින්න දෙයක් නැති නිසා
දුවේ
"උඹ සිනමාවට ම පල"
කියලා තල්ලු කරාම අප්පච්චී..,
මම කෝමැයි
නෑවිත් ඉන්නේ

අනික,
මේ තරමට ජනප්‍රිය වෙන්න
ඔබතුමාට කියන්න
කීදෙනෙක් ගේ අඟේ රඟේ බැලුවද?
රජා, රාජ පුතා, ඉඳන් ගෙදර
ගෙදර මිනිහට වෙනකල්
එල්ලලා ආපු ගමන දුර මදිද?
ඒත් අනේ පත්තරේ අයියලාට
මම ආදරේ කියන දේ
දන්නේවත් නෑ ඕං!!

මතක සුවදෙන

1212121 

සුවඳ ඇති මතකය
පිපෙන්නට ළංවූ
එහෙත් එකවර ම
හැලීයන
ජීවය දුන් ගසින්

ඔබත් ඒ ලෙසමයි

ඔබ වරක් සිනහවී
මා සිනා ගොලූ වු තැන
සිනහ සී යලි
මතකය ම හිසට කර
මා සිනහ වෙන විටම
ඔබ නොමැත අස
ගොසින් දුර නොපෙනෙන්ට

ජීනා මැඩම්

නිමිත්ත ජීනා අත්අඩංගුවට., තමාව නිදහස් නොකල හොත් ඉහල තනතුරු හොබවන රජයේ වගකිවයුත්තන්ගේ තොරතුරු හෙළි කරන බව පවසයි. -පුවතක්.

dfdc7a36

මහ ලොකුවට
සුදු ඇඳගෙන
සභා ගැබේ
මහ නද දෙන
ඔය ඔක්කොම
මම දැක ඇත

බඩ ලොකු මහතින් බර වුනු
පෙරේතයින්
වගේ හෙලුවට

කෙල්ලන්ගෙන්
සැප අරගෙන
මොකුත් නූන
වගේ හිටියට
උපංලපෙන්
කුරුලෑවට
කීවැකි මට
ඔක්කොලෑගෙම

Return top | ඉහත්තාවට නැවතත්