කොටු බැම්ම මත හිඳ

වෘද්ධ හෙවත් අවසානයට මොහොතකට පෙර


තිතක් නැති

නිවන්නට
නැත ගිනිදැල්
සිතන්නට
හද හැමකල්
පිරවි ආදර කතා
අතරින් ගයමි
මම ගුණ ගී
නුඹේ

අලස ප්‍රේමය මත
පිපෙයි මම
විලස
සේකරගේ කවියක


(මේ miniකවියේ 18-12-2012 දින පල වූ "කවියක්" වැනි එකකි.)

Prototype

මා
කලකට පෙර
ප්‍රේමයේ මූලාදර්ශය
දුටුවේ නුඹෙනි

කල් යත්ම

ප්‍රේම හුවමාරුව තුල
එකිනෙකා පරිණතවෙත්ම
සංස්කෘතික වූ සියල්ලම
භෞතික විය

භෞතික නොවූ නවමු
පෙමක මූලාද‍ර්ශයක්
කවදා හෝ නුඹෙන්
එළි දකීවි යැයි කියා
අත හරින්නට
හිත දුන්නමුදු
තව තවත්
ඉවසිලිවන්ත වෙමි

මේ
ආදර ප්‍රෙහේලිකාවේ
නවමු මංපෙතක්
අපේ ආදරය
සෙවුවොත්

එදිනට

මට හොරෙන්
මා හිත කරන
ප්‍රේම නිදර්ශනය
සෙවිල්ල
අත හරිමි.

මඟ පිසින දෙවුලිය

දුටු වනම
නුඹට
පෙම් බඳින්නට
මා කෙතරම්
ප්‍රේමක්කාර වන්නට
ඇත්ද

කලා කරුවා
තුඩින් පණ දුන්
භාරත දේව පිළිමයක ලෙස
මහද මත තැනී ඒ
සයනයේ කෙළිලන
නුඹ

හෝ!!
මායංකාර පෙම;
මඟ පිසින්නියක වුව
තී ලියකි මට
දෙවු ලෝ තල

නිමිත්ත► චිලීයේ මහා කවි පැබ්ලෝ නෙරූඩා (Pablo Neruda)වරෙක සිය සේවය ලංකාව තුල සිදු කලේ [1929/30] චිලීය නියෝජනය කරන තානාපති නිලධාරියෙකු ලෙසය.., කවියෙකු මෙන්ම අරුමැසි පෙම්වතෙකු ද වූ නෙරූඩා සිරිලක තුල සිය සමාසිකයක් පමණ වන සේවා කාලය තුල ජීවත්ව සිටියේ වැල්ලවත්තේ ය. නිවස අසල මාවත් පිරිසිදු කරන්නියක වෙත දුටු සැනින් පෙමින් බැඳුණු නෙරූඩා ලංකාව තුල ජීවත් වූ කාලය තුල දුටු රූමත් ම ගැහැනිය ඈ නව පැවසීමෙන් නොනැවතී ඈ වෙත ඔහු තුල වූ ආලය මතින් ඇයව දුටු අයුරු මෙලෙස කියවන්නා වෙත තබයි.

"මගේ යහන මත වැතිරුනේ දකුණු ඉන්දියාව පුරා වූ කෝවිල් වල මා දැක තිබූ වසර දහස් ගණනක් ඉපැරණි දේව පිළිමයකි"

නෙරූඩා කියවන්න : http://goo.gl/ZNtqT
Return top | ඉහත්තාවට නැවතත්