පොරොත්තු පාත්තිය


ඉසෙන තුරු
දිය පොද
නොඉවසිල්ලෙන් සැලේ
මිලාන වූ
සිතිවිලි පැල

නැගෙන්නට පළමුව
හිමිදිරියේ
පළමු ළා දල්ල,
අළු මතින් උට්ඨාන වූ
ෆීනික්ස් ලෙද

6 ක් අදහස් දක්වලා.:

ප්‍රාර්ථනා තෙන්නකෝන් ( පොඩි එකී )

අතීතය වැල ලූ
සොහොන් මත වුවද,
කවදා හෝ දිනෙක,
මල් පිපෙනවා නොවේද?

තිස්ස දොඩන්ගොඩ

දෙපෙත්තෙන් පෙනෙනු ඇත
ලැබුණු සිසිලස තරම
ඒත් අමතක නොකර
NPK ද ඉසිනු මැන..!!

Lishan Puwakovitage

ප්‍රාර්ථනා තෙන්නකෝන් ►
වැළලු සොහොන් බිම්
ගොඩ දමා පල නැත.

මතකය මත පිපි
නවමු මල් වල
රුව ගුණ සුවඳ
විඳිනවා මිස.

Lishan Puwakovitage

තිස්ස දොඩන්ගොඩ ►
NPK පමණක් ඉස ඇතිද?
ආදරෙන් රැකබලා ගත යුතු නොවේද? :)

Lishan Puwakovitage

තිස්ස දොඩන්ගොඩ►
දනිමි.
NPK ඉසීම සහ ආදරෙන් රැකබලා ගැනීම යනු එකක් නොව දෙකකි. :-)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්